• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 12ක බිල වහාම ගෙවන්න! නැත්නම් ආයෙත් ලයිට් කපනවා! මින්නේරිය විදුලි ඉංජිනේරුවරිය දිඹුලාගල මහසෙනසුනට රතු ලියුමක් එවයි!

December 6, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ලක්ෂ 12ක බිල වහාම ගෙවන්න! නැත්නම් ආයෙත් ලයිට් කපනවා! මින්නේරිය විදුලි ඉංජිනේරුවරිය දිඹුලාගල මහසෙනසුනට රතු ලියුමක් එවයි!
Share on WhatsAppShare on Facebook

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කරන ලද විදුලිය නැවත ලබාදුන්නද රුපියල් දොළොස් ලක්ෂ දොළොස් දහස් පන්සිය හැටපහයි ශත අසූ අටක මුදලක් හා ඇමුණුම් ගාස්තු වශයෙන් රුපියල් 3000ක මුදලක් නොගෙවන්නේ නම් මේ මස 14 වෙනිදා යළි විදුලිය විසන්ධි කිරීමට පියවර ගන්නා බවට ලංකා විදුලිබල මණ්ඩලයේ මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරුවරිය ඊයේ (05) ලිපියක් යොමුකොට ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

ඉකුත් 27 වැනිදා ආරණ්‍ය සේනාසනයට විදුලිය විසන්ධි කළ අතර ඒ පිළිබඳ මාධ්‍ය මගින් රටටම අනාවරණ කිරීමෙන් පසු බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ බවත්, ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ද දැඩි කතාබහට ලක්වීමෙන් පසුව 28 වැනිදා විදුලිය ලබාදීමට කටයුතු කළ බවත් රාහුලාලංකාර නාහිමියෝ සිහිපත් කළහ.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉකුත් සැප්තැම්බර් මස විදුලි බිල ලෙස හයලක්ෂ හැත්තෑ දහස් තුන්සිය අසුවක විදුලි බිලක් ලැබී ඇති බවත්, ඒ අනුව ඉකුත් 28 වැනිදා විදුලිය විසන්ධි කිරීමෙන් පසු එම විදුලි බිල් ගෙවීමට දින 14ක සහන කාලයක් ලබාදුන් බවත් එම ලිපියේ සඳහන් වේ.

පසුගිය වසර 30ක කාලය තුළ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල්පත් ලංකා විදුලිබල මණ්ඩලයෙ අනුග්‍රහයෙන් මණ්ඩලය මගින් ගෙවා ඇති බවත්, 2009 වසරේ වස‍ර 13 කාලයක් විදුලි බිල වශයෙන් රුපියල් එක්කෝටි හැටනව ලක්ෂ හතලිස් අටදාස් හයසිය තිස්අටක ගාස්තුවක් වැයවී ඇති බවත් එම ලිපියෙන් සිහි කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරු ඩබ්ලිව්.එම්.ඩී. නිසංසලාගේ අත්සනින් යුතුව එම ලිපිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත යොමුකර තිබේ.

දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පුණ්‍ යභූමියක් කොට සලකා, අපවත් වී වදාළ මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් ජාතියට ඉටුකරන ලද අමිල සේවයට ගෞරවයක් වශයෙන් නොමිලේ විදුලිය ලබාදුන් බවත් හිටිහැටියේ විදුලිය විසන්ධි කිරීම බරපතළ අර්බුදයක් බවත්ය.

කෙසේ වෙතත් මේ පිළිබඳ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දායක කාරකාදීන් සමග සාකච්ඡාවක් කර යම් තීරණයක් ගන්නා තුරු ගිලන් වූ භික්ෂුන් වහන්සේලා මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂුන් වහන්සේලා ඇතුළු දෙසීයකට ආසන්න නමක් වැඩවාසය කරන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීම නතර කර ලෙසත්, මේ පිළිබඳ ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ මෙන්ම විදුලිබල අමාත්‍යතුමාගේ දැඩි අවධානයට යොමුකරන ලෙසත් රාහුලාලංකාර නාහිමියෝ වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

lankasara

SendShareShare
Previous Post

රනිල් කරන්නෙත් රාජපක්ෂලා කරපු දේම තමයි! ගෝඨා නිකම් ෂර්ට් එකක් දාගෙන කළා! රනිල් ටයිකෝට් දාගෙන කරනවා! එදා වේල ටුවර්ස්! ඇඳුම විතරයි වෙනස්! (VIDEO)

Next Post

ඇමැති බන්දුල CTB සභාපති කිංස්ලිට ගෙදර යන්න කියයි! මේවා ඇමැතිගේ පවුලේ බූදල් නෙමෙයි! මම යන්නේ නෑ! කිංස්ලි බන්දුල එක්ක ගේම ඉල්ලයි! මහ රෑ 11.48‌ට ෆේස්බුක් සටහනක් තියයි!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.