තමාට ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මාධ්‍ය වාර්තාවකින් පමණක් ඒ පිළිබඳව තමන් දැනුවත් වූ බවය.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන්, සභාපති ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කිංස්ලි රණවක මහතා වෙත දැනුම් දී ඇති බව එම අමාත්‍යංශය ඊයේ (05) පස්වරුවේ නිවේදනය කළේය.
රජයේ ප්‍රතිපත්ති තීරණයකට අනුව මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීම සඳහා ආරම්භ කළ “සිටි බස්” සේවාව තමන් වෙත නොදන්වා හදිසියේ නවතා දමා ඇති බවට පළවන වාර්තා සැලකිල්ලට ගනිමින් සභාපතිවරයාට ධූරයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේය.
පහත පළවන්නේ කිංස්ලි රණවක මහ රෑ තැබූ ෆේස්බුක් සටහනය.
දැන් වෙලාව රෑ 11.48 අද හවස ඉඳල breaking news වලට සහ ප්‍රධාන රූපවාහිනී ප්‍රවුර්ති වලටත් කියලතියනවා මට ඇමතිතුමා කියුව කියල අයින් වෙන්න කියල. මුලින්ම කියන්න ඕන මේ වෙලාව වෙනතුරුත් මටනම් කියල නැහැ කවුරුත්, මද්යයට කියන්න කලින් මට කියන්න එපැයි. මම නම් මේ වනතෙක් දන්නේ නැහැ. මම පුරවැසියෙක් විදියට මේ වගේ ආයතනයක වැඩ කරනකොට උත්තර දෙන්න බැඳිලා ඉන්නව රටේ මහජනතාවට. මාව අයින් කරන්න තරම් වැරද්දක් මම කරල තියනවනම් මහජනතාවගෙන් සමාව අරගෙන අයින් වෙන්න මම ලැහැස්තියි. හැබැයි මම කරපු වරද ප්‍රසිද්ධියේ කියල මට උත්තර අවස්ථාවක්දිල සංවාදයකටභාජනය කරලා. සමහර ඇමතිවරු හිතාගෙන ඉන්නවා අමාත්යන්ශේ පවුලේ බුදලෙන් හම්බවෙච්ච එකක් නිසා ඒ ගොල්ල කියාන දේ වල් කරන්න අපි බැඳිලා ඉන්නවා කියල. ඒ කාලේ ගියා. අපි උත්තර දෙන්න ඕන මහජනතාවට. ඇමති කෙනෙකුට අමාත්යන්ශේ තියන අයිතියම තමයි පාරේ ඉන්න හිගාන්නටත් තියෙන්නේ කියන එක ඔවුන් තේරුම්ගත යුතුයි. නැතිනම් අපිට මහජනතාව විදියට තේරුම් කරලා දෙන්න වෙනවා.