අද පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කර ඇති බව කියමින් ආණ්ඩු පක්ෂයේ සංජීව එදිරිමාන්න සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් විපක්ෂනායකවරයාට චෝදනා එල්ල කළේය.
එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ස්ථාවර නියෝග සදහන් කරමින් ඒ ආකාරයට විපක්ෂනායකවරයාට චෝදනා එල්ල කළ නොහැකි බව පෙන්වා දුන්නේය.
එමෙන්ම අල්ලස් කොමිසම මගින් සජිත් ප්‍රේමදාස මහතා නිදහස් කරමින් එවා තිබූ ලිපිය සභාගත කිරීමටද කිරිඇල්ල මහතා කටයුතු කළේය.