1999 වර්ෂයේ දී හුදෙක් නාගරික ප්‍රදේශයන්ට පමණක් සීමාව තිබූ රක්‍ෂණ සේවාව, ග්‍රාමීය ජනතාව වෙනුවෙන් සමීප කිරීමේ පුරෝගාමියා ලෙස මෙරට රක්‍ෂණ ව්‍යාපාරයට පැමිණි කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී, අද වනවිට මෙරට රක්‍ෂණ කර්මාන්තයේ කෙටි කාලයක් ඇතුළත වැඩිම වර්ධන වේගයක් සනිටුහන් කර රක්‍ෂණ සමාගම් අතර ඉදිරියෙන්ම සිටින සමාගමකි.
සිය ගමනේ තවත් අභිමානවත් පියවරක් තබමින් කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී සිය ගනුදෙනුකරුවන්ට උපරිම සේවාවක් සැලසීමේ අරමුණින් යුතුව මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව සමග රක්‍ෂණ ගිවිසුමකට (රථවාහන හා ගිණි) එළඹිම පසුගිය ඔක්තෝම්බර් 27 වැනිදා සිදුවිය.
මෙමගින් ලංකා බැංකුවෙන් ලබාගනු ලබන ණය සහ ලීසිං පහසුකම් සදහා කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී මගින් සපයනු ලබන රක්‍ෂණ පහසුකම් ලබාගැනීමේ හැකියාව ලංකා බැංකු ගනුදෙනුකරුවන්ට හිමිවේ.
පුංවි මිනිසාගේ දුක නිවැරදිව හදුනාගත් කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය ආයතනය වන ලංකා බැංකුව මෙවැනි ගිවිසුමට එළඹිම බොහෝ ශ්‍රී ලංකිකයන් හට සිය බැංකු සහ රක්‍ෂණ කටයුතුවලදී විශාල වාසියක් උදාවේ යැයි විස්වාස කළ හැකිය. විශේෂයෙන්ම මෙරට රක්‍ෂණ කර්මාන්තයේ තෙවෙනි විශාලතම සේවා ජාලයට හිමිකම් කියන කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ මෙරට බැංකු ක්ෂේත්‍රයේ විශාලතම ශාඛා ජාලයකට හිමිකම් කියන ලංකා බැංකුව සමග ගිවිසුම්ගත වීම සැබැවින්ම ආයතන දෙකෙහිම ගනුදෙනුකරුවන් ලබාගත් සුවිශේෂ ජයග්‍රහණයකි.