• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික ලයිස්තුවෙන් ඇවිත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපති වුණු නිසා මැතිවරණ ගැන ජනාධිපතිතුමාට හැඟීමක් නෑ! ගෝඨාටයි මහින්දටයි හිටිහැටියේම යන්න වුණේ ජනතාව එළවපු නිසා බව අමතක කරන්න එපා! ඡන්ද තියන්නේ නෑ කිව්වාම වහල්ලු ටිකක් අත්පුඩි ගැහුවා! සාමකාමී අරගලය හමුදාව යොදා හදිසි නීතියෙන් මර්දනය කරන්න යනවා නම් ඊට එරෙහිව මම පාරට බහිනවා! සජිත් නැති වෙලාවේ ඊයේ රනිල් පාර්ලිමේන්තුවේ කරපු කතාවට සජිත් අද උත්තර දෙයි! (VIDEO)

November 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනතාව පන්නපු රාජපක්ෂලාගෙන් බලය ගත්ත ජනාධිපති අද පාර්ලිමේන්තුවේදී සිදු කළේ බියගුලු ‌ගෝත්‍රික පන්නයේ ප්‍රකාශයක්! රනිල්ට හැරෙන තැපෑලෙන් සජිත්ගෙන් දැවැන්ත ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා විසින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ කියූ ප්‍රකාශය ගැන පුදුම නොවන බවත් ඔහු මැතිවරණයකින් පත් නොවී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට ඇවිත්, හිටපු ජනාධිපතිගේ කැමැත්ත මත අගමැති වී ඉන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත මත ජනාධිපතිවරයකු වූ අයකු නිසා ඔහුට මැතිවරණයක ඇති වටිනාකම නොතේරෙන බවත් ජනතාවගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් ඔහුට විශ්වාසයක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඔහුගේ කතා සම්බන්ධයෙන් තැකීමක් නොකරන ලෙස යි.

මන්දයත් 69 ලක්ෂයක මනාප අරගෙන ජනාධිපති වී, 68 ලක්ෂයක මනාප අරගෙන අගමැති වී සහ පාර්ලිමේන්තුවේ මුදල් ඇමති වූ පුද්ගලයා ඇතුළු පිරිසකට එකපාර උන්හිටි තැන් පවා අමතක වී ගෙදර යාමට සිදු වූයේ මැතිවරණය නිසා නොව ජනතාව විසින් ඔවුන් එලවා දැමූ නිසා බවත් එබැවින් වත්මන් ජනාධිපතිවරයා ද ඒ බව අමතක නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී අයවැය තෙවනවර විවාදයට එක්වෙමින් පැවසීය.

ජනාධිපතිවරයා මැතිවරණයක් පවත්වන්නේ නැහැ කියූ විට සභාවේ සිටි වහල්ලු කොටසක් ඊට සහයෝගය පළ කරමින් ඔල්වරසන් දුන් බවත් මහජනයාගේ ඡන්දයෙන් පත් වූ අයකු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය වන අවස්ථාවක එසේ ඔල්වරසන් දීම අනුමත නොකරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එක් වහල්භාවයකින් තවත් වහල්භාවයකට පාර්ලිමේන්තුවේ ඇතැම් අය පත්ව ඇති බව යි. ජනාධිපතිවරයාගේ කතාවට වහල්ලු කිහිප දෙනකු අත්පුඩි ගැහුවාට රටේ ලක්ෂ 220ක් වූ ජනතාව අතිශය දුක් වූ බවත් එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන මහජන බලවේගයක් නුදුරේදීම නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් පාර්ලිමේන්තුවේ පවතින විකෘතිය ප්‍රකෘතියක් කළ යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය අගයනවා යැයි කියන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඊයේ කියූ ඒ මතය වහාම ඉවත් කර මැතිවරණයක් පවත්වා රට ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

 වත්මන් ජනාධිපතිවරයා විසින් කෙළෙහිගුණ දන්නා අයකු නම් අරගලයට ස්තූතිවන්ත විය යුතු බවත් ඔහු ජනාධිපති වූයේ අරගලය නිසා බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සාමකාමී අරගලය හිංසනයක් බවට පත් කළේ මැයි 9 වැනි දා සිදු වූ ප්‍රහාරය නිසා බවත් පැවසීය. තමා කිසිදු ආකාරයක ප්‍රචණ්ඩත්වයක් අනුමත නොකරන බවත් එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ හිංසනයෙන් මිලේච්ඡත්වයෙන් තොරව පැවැති අරගලයට පහර දුන්නේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමෙන් පසුව බවය.

එසේ ම සාමකාමී පොදුජන අරගලය හදිසි නීතිය යොදා ආරක්ෂක අංශ යොදා මර්දනය කිරීමට උත්සාහ කරන්නේ නම් විපක්ෂයක් ලෙස ඊට එරෙහිව වන බවත් ඒ සදහා අවශ්‍ය නායකත්වය ලබා දීමට කටයුතු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ ආර්ථිකය විනාශ කළ රාජපක්ෂ පවුලට එරෙහිව ජනතාව නැගිටින එක කිසිදු බලවේගයකට නතර කළ නොහැකි බව යි. 

එසේ ම තමා මහින්ද රාජපක්ෂලාගේ අනුගාමිකයකු යැයි පැවසූ පුද්ගලයාට කියන්නට ඇත්තේ තමා මහින්දලාගේ අනුගාමිකයකු නම් මේ වන විට තමා විපක්ෂ නායකවරයා නොව ජනාධිපතිවරයා ලෙස පත්වී ඇති බවත් එම නිසා එවැනි බොරු ප්‍රචාරවලට තමන් ඇතුළු විපක්ෂය විනාශ කළ නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කිසිදු අවස්ථාවක රාජපක්ෂලාගේ අනුගාමිකයකු වී තම ප්‍රතිපත්ති සහ ආත්මය පාවා නොදෙන බව යි.

SendShareShare
Previous Post

‘හිටපු ජනාධිපති’ අදාළ නෑ! දුමින්ද නිසා ගෝඨාටත් කූඩුවට නගින්න ‌සිද්ධ වෙයි!

Next Post

පාර්ලිමේන්තුවේ සමහර මැතිඇමැතිවරුන්ට මහබැංකුව ගැන තියෙන්නේ අඩු අවබෝධයක්! මූල්‍ය ප්‍රතිපත්තිය ගැන තීන්දු ගන්නෙ අපි! ඒකට වෙනත් අය මැදිහත් වෙනවට මම කැමැති නෑ! මහබැංකු අධිපති මේ වහෙන්ඔරෝ උත්තර දෙන්නේ කාටද?

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper