වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් අද (07) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වැඩතහනමට ලක්කර ඇත.
හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සිදුකළ දුරකතන සංවාදයක් මුල්කරගෙන මෙම වැඩ තහනම සිදු කර ඇති බව දැනගන්නට ඇත.
මෙම වැඩතහනම් ඇතුළත් නියෝගය අද පස්වරුවේ ශානි අබේසේකර මහතා වෙත යොමු කිරීමට පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇත.










