• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

මේක වළගම්බා රජුගෙ වැඩක්

January 8, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
මේක වළගම්බා රජුගෙ වැඩක්
Share on WhatsAppShare on Facebook

අපට ඉදිරියෙන් පෙනෙන්නේ රාවණා රජ්ජුරුවන්ගේ මාලිගාවක් හා ඖෂධ උද්‍යානයක් තිබුණා කියල ජනප්‍රවාදයේ කියැවෙන රහලගල පර්වතය. ගමේ එක් පැත්තකින් බැඳපු මහා පවුරක් වගෙයි මේ පර්වතය. කඳු වැටි, මිටියාවත පුරා පැතිරුණු වෙල්යායන්, වනගොමු, දිය දහරාවන්, මේ හැම දෙයම සුන්දර ගම්මානයක අසිරියයි කියාපාන්නෙ. අරනායක නගරයේ ඉඳලා කිලෝ මීටර් හයක් විතර දුරින් පිහිටල තියෙන මේ ගමට කියන්නෙ සැලව කියලා. හැම පැත්තම කඳුවලින් වටවෙලා. කරගල, ගල උඩ ගල, පිඹුරාගල, පහනතිබූ ගල වාගෙ කඳු වැටි හා මුදුන් තමයි ඒ අතරින් ප්‍රධාන වෙන්නෙ.

රාස්සාව කඳු ප්‍රදේශයෙන් ආරම්භ වෙලා ගලාගෙන එන කුඩා ඔය සැලව ගම හරහා මහ ඔය දක්වා ගලන්නෙ ගමේ වෙල්යාය පහුකරගෙන. කුඩා ඔය ඉස්මත්තෙ සැලව කන්ද පාමුලයි ලෙන් විහාරය පිහිටල තියෙන්නෙ. වළගම්බා රජ්ජුරුවන්ගෙ කාලය හා සම්බන්ධ බවට ජනප්‍රවාද තියෙන සුවිශේෂී තැනක් තමයි මේ ලෙන් විහාරය. ඒ හින්දම සැලව ගම්මානයේ පෞරාණිකත්වය කියාපාන වැදගත් තැනක් හැටියටත් මෙතැන හඳුන්වන්න පුළුවන්. වෙල්යායත් කුඩා ඔයත් පහුකරගෙන විහාරයට යන ගමනෙදී දකුණු පැත්තෙන් පාර ළඟම කටාරම් කොටපු ගල් ලෙනක් දැකගන්නට ලැබෙනවා. ඒ වගේම ඊට ඉහළින් තියෙන ලඳු කැලෑවෙ තියෙනවා වැඩ අවසන් නොකරපු බුදු පිළිමයක හැඩය ගත්තු ශෛලමය නිර්මාණයක්.

පියගැට පෙළ නැඟගෙන තරමක් මුදුනට යද්දී වම් පැත්තෙන් දැකගන්න ලැබෙනවා සංඝාවාසය. තවත් ටිකක් මුදුනට ගියාට පස්සෙ මහා ගල් පර්වතයක් සෙවණේ අලංකාර විදියට නිම කරල තියෙන ලෙන් විහාරය හමුවෙනවා. ලෙන මුදුනේ ඉදිරි පැත්ත සම්පූර්ණයෙන්ම වාගෙ කටාරම් කොටල තියනවා. මේ කටාරම ලෙනේ පසුපස කොටස දක්වාම දිගට විහිදිලා යනවා.
මේ විශාල ගල් ලෙන පහළ විහාරෙ, මැද විහාරෙ හා උඩ විහාරෙ කියලා කොටස් තුනකින් යුක්තයි. මේ අතරින් පහළ විහාරෙ තමයි වඩාත්ම වැදගත් වෙන්නෙ. මේ විහාරෙ ඇතුළෙ තියන පිළිම, බිතු සිතුවම් බොහොමයක්ම පරණ විදියටම දැකගන්නට පුළුවන් වීමයි ඒකට හේතුව. ඉතාම විචිත්‍රවත් විදියට හදල තියෙන මකර තොරණක් යට හිඳි බුද්ධ ප්‍රතිමාව දක්නට ලැබෙනවා. බිම් මට්ටමේ ඉඳලා අඩි අටක් විතර උසින් පීඨීකාවක් මත සැතපෙන පිළිම වහන්සේ නිර්මාණය කරල තියෙන එකත් සුවිශේෂී ලක්ෂණයක්. ප්‍රතිමාවන් වගේම දෙපැත්තෙ බිත්තිත් වියනෙ සිතුවම් ආදියත් හැඩ ගැන්විලා තියෙන්නෙ මහනුවර යුගයේ කලා සම්ප්‍රදායෙන්.
ඊළඟට මුණගැහෙන මැද විහාරෙ දොරටු දෙකක් දැකගන්න ලැබෙනවා. මේ අතරින් ප්‍රධාන දොරටුවත් දොර පියන් දෙකත් සිතුවමින් අලංකාරවත් වෙලයි තියෙන්නෙ. මේ විහාරෙ ඇතුළෙ තියෙන සැතපෙන පිළිමය ඇතුළු පිළිම වහන්සේලාත්, බිතු සිතුවම් හැම එකක්ම වාගෙත් පස්සෙ කාලයක අලුත්වැඩියා කරල තියෙන බව පෙනෙනවා. පහළ විහාරෙත් මැද විහාරෙත් අතරෙ පිටත බිත්තියෙ ගල් පුවරුවක දකින්නට ලැබෙන්නෙ ලංකා ඉතිහාසයට ඉතාමත් වැදගත් සෙල් ලිපියක්. සිරිලක රාජ පරම්පරාවෙ අවසන් සෙල් ලිපිය විදියටයි මෙය හඳුනාගෙන තියෙන්නෙ. ලිපිය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ විදියට කියවෙන්නෙ මහනුවර අවසන් රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගෙ සහායෙන් මොරතොට ස්වාමීන් වහන්සේ ලවා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරවීමයි. ඒ වගේම සතර මායිම් සහිතව විහාරයට පූජා කරපු ගොඩ මඩ ඉඩම්, සැලව ඇතුළු ගම්වර පිළිබඳවත් මෙහි සඳහන් වෙනවා.

උඩ විහාරය දක්වා යන්න හදලා තියෙන පියගැට පෙළේ පාමුල කුඩා ප්‍රමාණයේ සඳකඩ පහණක් දකින්නට ලැබෙනවා. මේ විහාරය ඇතුළෙ තිබුණු පරණ සිතුවම් වගේම පිළිම වහන්සේලාත් ප්‍රතිසංස්කරණය කරලා තියෙන ආකාරයත් දැකගන්නට පුළුවන්. කාලෙකට ඉස්සර විහාර මළුවෙ දාගැබක් තිබුණු බව කියනවා. ඒ දාගැබේ නටබුන් හැටියට බොරදම් සහිත ගල් පුවරු විහාර බිමේ අදත් දකින්නට තියෙනවා. විහාර මළුවත් බෝධීන් වහන්සේත් අතරෙ කුඩා ගල් පර්වතයක් පිහිටලා තියෙනවා. මේ ගල් පව්ව මුදුනේ අපැහැදිලි තත්වයේ පවතින ඉතා කුඩා ප්‍රමාණයේ සිරි පතුලක් දැකගත හැකියි.

ලෙන සහිත පර්වතයේ විහාරය පිහිටි පැත්තට විරුද්ධ පැත්තෙන්, ඒ කියන්නෙ පිටුපසින් දිග්ගෙය කියල හඳුන්වන කොටසක් තියෙනවා. මේ ඇතුළෙ තියෙන එක කොටසක් දකින්න ලැබෙන්නෙ උමඟක් වගේ. වළගම්බා රජ්ජුරුවො සතුරන්ට විරුද්ධව සේනා සංවිධානය කරන කාලෙදී ආරක්ෂාව සඳහා මේ ලෙනේ නැවතිලා හිටිය බව කියවෙන හින්ද මේ උමඟත් ඒ සඳහා යොදාගත් බව තමයි විශ්වාස කෙරෙන්නෙ. ලෙන් විහාරයට පිටුපස කොටස ගල් පර්වතවලින් ආවරණය වෙලා තියනවා. ගල් කුළු අතරින් එතැනට යන්න පුළුවන්.

වළගම්බා රාජ සමයෙන් පටන් ගන්න සැලව රජමහා විහාර ඉතිහාසයේ ස්වර්ණමය යුගය විදියට සැලකෙන්නෙ මහනුවර රාජ්‍ය සමය. මේ විහාරෙ ඉදිකිරීම් කටයුතු කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙදි ආරම්භ වෙලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙදි අවසන් වුණු බවයි පිළිගැනෙන්නේ. සැලව විහාරෙ වැඩහිටිය ශ්‍රේෂ්ඨතම භික්ෂූන් වහන්සේ විදියට සැලකෙන්නෙ මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවො. උන්වහන්සේ “රාජගුරු” කියන ගෞරව නාමයෙනුත් හඳුන්වලා තියෙනවා.

සැලව රජමහා විහාරය ප්‍රදේශවාසීන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වුණු පින් බිමක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ගෞරවය මත පදනම් වුණු විශ්වාසයන් බොහොමයක් අදටත් මේ ස්ථානයත් එක්ක බැඳිල තියෙනවා. කාලයෙන් කාලයට ස්වාමීන් වහන්සේලා වැඩ වාසය නොකිරීමත් සොර සතුරු උවදුරුත් නිසා විහාරය අභාවයට ගිය කාලවල්ද තිබුණු බවයි දැනගන්නට ලැබෙන්නෙ. අද වුණත් දුර බැහැර පළාත්වලින් සැලව ලෙන් විහාරය දැක බලාගන්න පිරිස් නිතර එන්නෙ නැහැ. ඒ කොහොම වුණත් ඓතිහාසික වාගෙම පුරා විද්‍යාත්මක තොරතුරු අධ්‍යයනය කරන කෙනකුට නම් සැලව විහාර භූමිය තෝතැන්නක්. උඩරට සිතුවම් කලාවේ ස්වරූපය, වටිනාකම් හා විවිධත්වය පිළිබඳව හඳුනා ගන්නටත්, සැදැහැ සිතින් වන්දනාමාන කරන්නටත් සැලව ලෙන් විහාරය අගනා ස්ථානයක් විදියට හඳුන්වන්න පුළුවන්
මහේෂ් ඉන්දික විජේතිලක

SendShareShare
Previous Post

රන්ජන්ගේ CD තැටි 1032ට කරන්න යන ද‌ේ

Next Post

තාත්තාගේ උපන්දිනයත් ශ්‍රීලනිපය චන්ද්‍රිකා‌ගෙන් හංගයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.