හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමානයක මහතාගේ නිල නිවෙසින් හමුව ඇති සම්පූර්ණ සීඩී තැටි ප්‍රමාණය 1032ක් බව මේ වනවිට අනාවරණය වී ඇත.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මෙම සීඩී තැටිවල අන්තර්ගත ඇතැම් සංවාද සම්බන්ධයෙන් සොයාා බැලීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසටය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරුන් ජනාධීපතිවරයා සමග සාකච්ජා කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.










