• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඳු හතක් මැද හැදූ ලංකාවේ පළමු තරු හතේ හෝටලය උඩිස්පත්තුවේ ‘අවියානා’…

November 15, 2022
in Holiday
Reading Time: 3 mins read
A A
කඳු හතක් මැද හැදූ ලංකාවේ පළමු තරු හතේ හෝටලය උඩිස්පත්තුවේ ‘අවියානා’…
Share on WhatsAppShare on Facebook

සුමිහිරි ගීතයකට වඩා මෙම කන්කලු හඬ රටාව මාගේ දෙසවන සොරාගත්තේය. පැය 24 පුරා ඇසෙන, නිල්වන් ජල දහරාව ගලාබසින ගල්මල් ඔයේ ගීතිකාව සහ දසුන් ගත සිතම වශී කරන්නට ගත්තේය. සතරදිග්භාගයට පෙනෙන ගොම්බානිය, නකල්ස්, දෝතළුගල, කිරිගල්පොත්ත, තුන්හිස්ගල, කිරිමැටියකන්ද, කලේගල යන කන්‍යාවියන් සත්දෙනාට මැදිව මම දෙපසින් සිටගෙන සිටින්නට විය. වදනින් වර්ණනා කළ නොහැකි මේ අපූරු කන්‍යාවියන්ගේ පහස මා විඳින්නට ගත්තෙමි. දෙනෙත් මානයේ දසත පුරා වසාගෙන සිටින මේ කන්‍යාවියන් සත්දෙනා නම් දුම්බර කඳුවැටියයි. මා සිටගෙන සිටින්නේද අඩි 2,600ක සද්දන්ත උසකින් යුත් මහා ගිරිකුලක පතනකය. අතිශ්‍ය සුන්දරත් තේජසින් අමන්දානන්දයට පත්වූ මම එක් ගිරිකුලක අගිස්සේ සිට දෙඅත් නිල්වන් අහස දෙසට දිගු කළෙමි. තම සුවිශාල පියාපත් විදහාගත් ගම්භීර රාජාලියන් දෙදෙනකු අහස් කුසේ සැරිසරන හැඩ පෙනෙන්නට විය. මඳ වෙලාවක් එතැන සිටි මාගේ ගත සුදු මීදුම් පුළුන් රොදින් වෙළාගන්නට විය. ජීවිතය මේ තරම්ම සුන්දරද?

කොළොම්පුරයේ මහා කඨෝර පරිසරයෙන් මිදුණු මම පසුගියදා අතිශය සුන්දරත්වයක් අත්විඳින්නට වූයෙමි. මා සමග තවත් හිතවත් මාධ්‍යවේදීන් කිහිප දෙනකුම විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඉදිවෙමින් පවතින තරු හතේ සංචාරක හෝටල් සංකීර්ණය නැරැඹීමට අවස්ථාවක් අපට උදාවීම මෙම සිදුවීමයි. කන්ද උඩරට මහනුවර උඩිස්පත්තුව නමැති ප්‍රදේශයේ මෙම අතිවිශාල ස්වභාවික පරිසරහිතකාමී හෝටල් සංකීර්ණය මේ වන විට ඉදිකිරීම් ආරම්භ කර ඇත. මෙම මහා ව්‍යාපෘතිය නම්කර ඇත්තේ ‘අවියානා ප්‍රයිවෙට් චැලේස් (Aviyana Private Chalets) යනුවෙනි. Chalets යන ඉංග්‍රීසි වදනින් කියැවෙන්නේ කුඩා නිවාසයන් යන්නය. එනම් මෙහි සැබෑ සිංහල අරුත ලෙස ගෙනහැර දැක්විය හැක්කේ පුද්ගලික කුඩා නිවාස ලෙස ගොඩනැඟෙන ආකාරයේ සංචාරක හෝටල් ව්‍යාපෘතියක් ලෙසිනි. කෙසේ හෝ මෙම සුවිශේෂ හෝටල් සංකීර්ණය ගොඩනැගෙන්නේ සාමාන්‍ය හෝටල් සංකීර්ණයක ස්වරූපයෙන් නොවේ.

‘අවියානා’ (Aviyana) යනු යටකී සංචාරක හෝටල් ව්‍යාපෘතියේ ප්‍රධාන නාමයයි. එනම් පෙරගමන් නාමයයි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් කාලයක් අප අසා ඇත්තේ තරු පහේ හෝටල් පිළිබඳ කතාන්දර පමණක්ය. එසේම තරු හයේ හෝටල් තුන හතරක්ද ශ්‍රී ලංකාව තුළ තිබෙන්නේ යැයි යම් කරුණුද ප්‍රකාශ වී ඇත. එහෙත් ඒවා නම්ගම් වශයෙන් ලියා තැබීමට මෙහිදී අප උත්සාහ කරන්නේ නැත. කෙසේ හෝ ලෝකයේ ධනවත් රටවල් කිහිපයකින් තරු හතේ හෝටල් ගැන කතාන්දර ඇසීමට හැකි වුණත් කිසිදු කලක එම වගතුග ශ්‍රී ලංකාවෙන් අසන්නට නොලැබුණේය. මෙම මහා ව්‍යාපෘතිය මහනුවර උඩිස්පත්තුව ප්‍රදේශයේදී ගොඩනැගෙන්නේ අඩි 2,600ක් උසින් යුත් කඳු මුදුනක් මතය. එම ගොඩනැගීම සිදුකරන භූමියද අක්කර 24කින් සමන්විත ඉතා දර්ශනීය ස්ථානයක් වෙයි. මෙම ස්ථානය කරා ළඟාවීමට මහනුවර නගරයේ සිට කිලෝමීටර් 20ක පමණ දුරක් ඉහළ කඳුකර ප්‍රදේශය වෙත පිවිසිය යුතුය. ඓතිහාසික සහ ජෛව විවිධත්වයෙන් යුත් නකල්ස් කඳුවටිය පිහිටා තිබෙන ප්‍රදේශයේ භූමිභාගයක මෙම හෝටල් සංකීර්ණය ඉදිකෙරෙයි. එහෙත් මෙය ඉදිකෙරෙන අක්කර 24ක භූමිභාගය පුද්ගලික ව්‍යාපාරිකයකු සතු පුද්ගලික ඉඩමක් වන අතර එය නකල්ස් වන රක්ෂිතය තුළ පිහිටා ඇති එකක් නොවේ. නකල්ස් වන රක්ෂිතය පිහිටා ඇත්තේ එතැන් සිට කිලෝමීටර් කිහිපයක් දුරිනි.
‘අවියානා ප්‍රයිවේට් චැලේස්’ තරු හතේ හෝටල් සංකීර්ණ ව්‍යාපෘතිය ඉදිකිරීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට හෝටල් සහ දේපළ ව්‍යාපාර සමාගමක් වන ‘අඹසෙවන හෝල්ඩින්ග්ස්’ පුද්ගලික සමාගම (Ambasevana Holdings (Pvt) Ltd විසිනි. එම ව්‍යාපාරයේ අධිපති සහ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඉන්දික හේවාවසම් මහතාගේ මෙහෙයවීම සහ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙයි. දැනට මෙම හෝටල් ව්‍යාපෘතියේ මූලික ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ‘චැලේ’ නිවාස කිහිපයක ඉදිකිරීම් මුළුමනින්ම අවසන් කර ඇත. මෙම සංකීර්ණයේ ‘චැලේ’ නිවාස 60ක් ඉදිකෙරෙන අතර ඒ සඳහා දැනට දෙස් විදෙස් ආයෝජකයන් රැසක්ම තම මූල්‍ය ආයෝජනයන් සිදුකර ඇත. එම ආයෝජන යටතේ මේ වන විට අනෙකුත් ‘චැලේ’ නිවාසද, ලහි ලහියේ ඉදිවෙමින් පවතී. කෙසේ හෝ දැනට නිවාස 40ක් සඳහා ආයෝජකයන් ඉදිරිපත් වී ඇති අතර ඉතිරි නිවාස 20 සඳහා ආයෝජන බලාපොරොත්තුවෙන් සිටී. මෙම අතිශය සුඛෝපභෝගී සුපිරි ‘චැලේ’ නිවාස වර්ග පහකින් ඉදිවන අතර ඒ සඳහා රුපියල් මිලියන 54 සිට රුපියල් මිලියන 84 දක්වා ආයෝජනයන් ලබාදීම සිදුකළ හැකිය.

‘මේ වන විට ලෝකයේ රටවල් රැසක තරු හතේ පැලැන්තියේ අතිසුඛෝපභෝගී සංචාරක හෝටල් ගණනාවක්ම තිබෙනවා. තරු හතේ හෝටල් නිර්මාණය වන්නේ එයට අදාළ තරු ශ්‍රේණිගත කිරීම්වල සුඛෝපභෝගී පහසුකම්වලට අනුවයි. ඒ සඳහා නිර්නායකයන් රැසක් තිබෙනවා. අප මේ ව්‍යාපෘතිය ගොඩනැගීම සිදුකරන්නේත් එම ප්‍රමිතීන් මතයි. අද ලෝකයේ ධනකුවේර සංචාරකයන් රාශියක් සිටිනවා. ඔවුන් බොහෝ විට තෝරාගන්නේ තරු හතේ හෝටල් සංකීර්ණයනුයි. ශ්‍රී ලංකාව ස්වභාවික සුන්දරත්වයෙන් අතිශයින් අනූනයි. ඒ නිසා මෙවැනි හෝටල් සංකීර්ණයක් ලෝකයේ ඉතා ප්‍රචලිත තත්ත්වයකට පත්වේවි. විදේශ විනිමය අර්බුදයට රට පත්වී තිබෙන මෙවැනි මොහොතක මේ වගේ ධනකුවේර සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙනවා නම් එය රටේ ආර්ථිකයට විශාල සහනයක්ද වේවි. මෙම ව්‍යාපෘතිය අප 2024 වසරේ මුල්භාගයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා…’ යැයි මෙම සුවිශාල ව්‍යාපෘතියේ ප්‍රධානියා වන ‘අඹසෙවන හෝල්ඩින්ග්ස්’ අධිපති ඉන්දික හේවාවසම් මහතා පැවැසීය.

මෙම සුඛෝපභෝගී සුපිරි හෝටල් සංකීර්ණයේ ‘චැලේ’ නිවාස නොහොත් සුපිරි විලා නිවාස මිල වන්නේ එක දිනෙකට ඇමෙරිකානු ඩොලර් 1000 සිට 1,400 (රු. 3,50,000 සිට රු. 4,90,000) දක්වා වන මිල ගණන්වලටය. එම නිවාස වර්ග 05කින් සමන්විතය. අපට මේ මිල ගණන් විශාල වුවත් ධනකුවේරයන්ට ඒවා කජ්ජක් නොවේ.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලෝකෙම ඉස්සරහ අපේ රෙදි ගලවපු ඉන්ටර්නැෂනල් කම්බා හොරු…

Next Post

කොරියාවේදී අතුරුදන් වූ රග්බි නායිකාව CCTV එකෙන් මතුවෙයි!

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.