රට තුළ මැතිවරණ නොපවත්වන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කිසිසේත් මූල්‍ය සහයෝගයක් අපේක්‍ෂා කළ නොහැකි බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
කෙසේ වෙතත් ජී.එස්.පී. ප්ලස් වරප්‍රසාදය අයිතිවාසිකම් හෝ පරිත්‍යාගයක් ලෙස නොව යම් යම් කොන්දේසිවලට යටත්ව ලැබෙන බව කියන මහාචාර්යවරයා සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමිතියෙන් තහවුරු වියයුතු යන්න ප්‍රධාන කොන්දේසිය බවත්ය.
පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයීය මට්ටමේ ගිවිසුම දත්ත අනාවරණය නොකළ ද එම දත්ත වෙනත් පුද්ගලයන් සතුව ඇති බව එවැනි තොරතුරු වෙනත් පුද්ගලයන් සතුවතිබීම ඉතාමත් භයානක මෙන්ම ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට ආදායම අහිමිවන බවත් හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් පැවසීය.










