• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

එදා හිරේ ගිය ‌‌අය මෙදා කියන කතා

January 5, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
එදා හිරේ ගිය ‌‌අය මෙදා කියන කතා
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලවකවානුවේ දේශපාලන ලෝකයේ කතාබහට ලක්වෙන සිදුවීම් කීපයක්ම සිදුවුණා. ඒ අතර විශේෂ වුණේ අත්අඩංගුවට ගැනීම්. මේ විදියට තවත් කීපදෙනෙක්ව අත්අඩංගුවට ගන්න නියමිතව තිබෙන බවත් සමහර තැන්වල කියැවෙනවා. නමුත් ඒ සම්බන්ධව අපි කතා කරන්න යන්නෙ නෑ. මේ වෙනකොට පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යතුමන් අත්අඩංගුවට පත්වෙලා ඇපමත නිදහස් වෙලා අවසන්. ඔහු දින කීපයක්ම වැලිකඩ හිරගෙදර ගත කරනවා. ඒ අතර රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පසුබිමක් නිර්මාණය වෙනවා. ඔහු කීප වතාවක්ම අත්අඩංගුවට ගැනීමෙන් වළක්වා ගන්න උත්සාහ කරනවා. ඒ සඳහා අවශ්‍ය අධිකරණ කාර්යයටත් යොමු වෙනවා. නමුත් ඒ සෑම අවස්ථාවක්ම මඟහැරෙනවා. අත්අඩංගුවට ගන්න සූදානම් වෙනකොට රාජිත අසනීප වෙනවා. ඔහු ලංකා පෞද්ගලික රෝහලට ඇතුළු කරනවා. ඔහු අත්අඩංගුවට ගන්න නිලධාරීන් එන්නෙ ඒ අතර. නමුත් රාජිතගෙ සෞඛ්‍ය තත්ත්වය මත ඔහුව අත්අඩංගුවට ගැනීම තියා ළඟට යෑමටවත් නොකළ යුතු බව වෛද්‍යවරුන් බලධාරීන්ට කියනවා. ඒ අතර රෝහල් කාමරය අසල රැකවල් යොදනවා. රාජිත සේනාරත්නට දඬුවම් නියම කරන්න වැඩබලන මහෙස්ත්‍රාත්වරිය රෝහලට එනවා.
මේ අතර එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ සන්ධානය ඇතුළු විපක්ෂ කණ්ඩායම් ආණ්ඩුවට කෙළින්ම චෝදනා කරනවා. ඔවුන් පළිගැනීම් පටන් අරන් බවට මේ අය කියන්නෙ පාඨලී චම්පික රණවක සහ රාජිත සේනාරත්න කියන හිටපු ඇමැතිවරුන් අත්අඩංගුවට ගැනීමේ දේශපාලන පළිගැනීම් බව.
නමුත් මීට උත්තර දෙන ආණ්ඩු පාර්ශ්වය හැම වෙලාවකම වගේ කියන්නෙ මේ කිසිසේත්ම දේශපාලන පළිගැනීම් නොවන වග. මේ අත්අඩංගුවට ගැනීම් සීයට සීයක්ම නීත්‍යානුකූලයි කියන අතරෙ වරදකරුවන්ට නිසි දඬුවම් දීම තමන්ගේ ක්‍රියාපටිපාටිය බවත් කියනවා. ඒ අතරම ආණ්ඩු පාර්ශ්වය එජාපය ප්‍රමුඛ විපක්ෂයට අනිත් අතට චෝදනා කරනවා. 2015 සිටම පළිගැනීම් ආරම්භ කරන්නේ ඒ අය බව කියමින්. එසේ අත්අඩංගුවට ගැනීම්වලට ලක්වුණ මැති ඇමැතිවරු ගැනත් ඔවුන් කියනවා. අපි ඒ නිසාම සූදානම් වුණා ඒ අය ගැන හොයන්න. ඒ විදියට අත්අඩංගුවට පත්වුණ අද ආණ්ඩු පක්ෂයේ ඉන්න එදා විපක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන්ගෙන් අපි එදා මතකය ගැන ඇහුවා. මේ ඒ අය අපට ලබාදුන් පිළිතුරු. අත්අඩංගුවට ගැනීම් සහ ඊට අදාළ සිදුවීම් ගැන ඔවුන් අපිට කියපු විස්තරයි මේ.
එම සිද්ධීන්වලට මැදිවූ දේශපාලනඥයන් අතරේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත සමරවීර, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක යන දේශපාලනඥයන් පිරිසක් වෙනවා.

එම පිරිස අතරේ සිටින දැනට වත්මන් රජයේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
“2016 අවුරුද්දේ දෙසැම්බර්වලදී මම බොරු ඝාතන චෝදනාවක් නඟල අත්අඩංගුවට අරන් රිමාන්ඞ් කරන්න සූදානම් වුණා. මම ලංකා හොස්පිටල් එකට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගත්තා.”


හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානක
“මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට පැවරීමට යෑමට විරුද්ධව අපි උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙනගියා. එය සිදුවූයේ 2017 අවුරුද්දෙයි. පඹයකු ගිනි තිබ්බා මත්තල ගුවන්තොටුපොළ අවට යකඩවලට පාරට හානිවුණා කියලා මම ඇතුළු 48 දෙනෙක් අත්අඩංගුවට අරන් තංගල්ල රක්ෂිත බන්ධනාගාරයේ දින 12ක් රඳවා තැබුවා. එක සිර මැදිරියක අටදෙනා බැගින් දාලයි හිටියෙ. අපිට උදේට කෑමට එළියට ගන්නවා. නාන්න එළියට ගන්නව. එහෙමයි අපි දුක් වින්දෙ. තවම ඒ නඩුව තියෙනවා. අපි දාල හිටිය සිරමැදිරි සියල්ල අඟුළු දාලයි තිබුණෙ.”

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර
“අපි දින 36ක් තංගල්ල රක්ෂිත බන්ධනාගාරයේ ඉතාමත් දුෂ්කර දින ගණනක් ගතකළේ. ඒ බන්ධනාගාරයේ හිටිය මකුණු ප්‍රහාර මධ්‍යයේයි. ඒ දින ගණන මට අදත් මතකයට නැඟෙනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර
“රජයේ වාහනයක් අවභාවිතා කළා කියන චෝදනාවක් යටතේ 2017 අගෝස්තු 09දා මාව අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාරගත කළා. මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට අරන් දින 26ක් බන්ධනාගාරයේ කූඩුවක් ඇතුළෙ හිටියා. ඊට පසු රැඳවියන් සිටින වාට්ටුවකට දැම්මා. ඒ වෙලාවෙ මට තදබල කැස්සක් හැදිල රෝගී තත්ත්වයට පත්වුණා. ඉන් පසුව තමයි මම බන්ධනාගාර රෝහලට දැම්මේ.”


පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා
“රුපියල් මිලියන 39ක සතොස ක්‍රීඩා භාණ්ඩ ගෙන ඒමේදී සිදුවී ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් 2016 මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.”
පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ රජයේ වාහන 40ක් අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිත කිරීමක් පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන කොටුව අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබුණා.
2016 වසරේ ජුනි 18 දින ඕස්ටේ්‍රලියානු ව්‍යාපාරිකයකුගෙන් මුදල් අවභාවිත කිරීම ඇතුළු චෝදනා කීපයක් හා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු 2016 වසරේ සැප්තැම්බර් 03 සතොස මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
ඒ අතර මේ සමහර අයගේ නඩු තවමත් අවසන් නෑ කියලයි අපිට දැනගන්න ලැබුණෙ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

රන්ජන්ව ගත්තාට ආණ්ඩුවෙන් ‌පොලිසියට ‌දොස්

Next Post

ස්විස් බුද්ධි අංශ ‌කොළඹට ඇතුලු ‌වෙයි

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.