පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන් පොලිසියට දොස් පැවරීමට කටයුතු කර ඇත.
තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් තබමින් සදහන් කර ඇත්තේ පොලිසියේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බවකි.
මුල්‍ය අවභාවිතාවන් සම්බන්ධයෙන් ඇතැම් හිටපු ඇමැතිවරුන් සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි තිබියදී පොලිසිය විසින් සිදුකරන මෙවැනි ක්‍රියා අනුමත කළ නොහැකි බව අමාත්‍යවරයා සදහන් කර ඇත.








