• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බය නැතිව මරණය අවුස්සන අපේ කෙල්ලෝ…

November 1, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
බය නැතිව මරණය අවුස්සන අපේ කෙල්ලෝ…
Share on WhatsAppShare on Facebook

විද්‍යාවේ හා තාක්‍ෂණයේ දියුණුවත් සමග ගැහැනියද පිරිමියා තරම්ම දක්ෂතාවලින් පරිපූර්ණ වූවා පමණක් නොව ඇතැම් අංශවලින් පිරිමියාටත් වඩා ශක්ති සම්පන්නව ඉදිරියට පැමිණ ඇති බව මේ වන විට රහසක් නොවේ. ගැහැනිය සතුව පවතින දරාගැනීමේ ශක්තිය ජීවවිද්‍යාත්මක මෙන්ම ඇය වෙත පැවරී ඇති කාර්යභාරය අනුවද පුරුෂයාට වඩා ඉහළ මට්ටමක පවතී. බුදු දහම අනුව ස්ත්‍රිය හා පුරුෂයා වෙන වෙනම හඳුන්වා දී ඇතත් ඉන් එක කොටසකුදු අනෙක් පක්ෂයට වඩා උසස් ලෙස සඳහන් කර නොමැත. අතීත සමාජයේ පැවැති ආකල්ප සමග සසඳන විට වර්තමාන සමාජයේ ගැහැනිය, පිරිමින් සමග කරට කර සිටිමින් සමාජ සංවර්ධනයෙහිලා මහඟු දායකත්වයක් සපයයි. අතීතයේ පිරිමියාට පමණක් සීමා වූ විවිධ වෘත්තීන්හි යෙදෙමින් නූතන කාන්තාව ඒ බව සනාථ කර ඇත. විවිධ ක්ෂේත්‍රයන්හි හා විවිධ කාර්යයන්හි පිරිමියා සමග කරට කර සිටිමින් කුසලතා ප්‍රදර්ශනය කිරීම අතින්ද අද කාන්තාව සමාජයේ ඉදිරියටම ගොස් ඇත. සම්ප්‍රදායික ආකල්ප අනුව ගැහැනියකට පැවරී ඇති කාර්ය කොටස්ද නොපිරිහෙළා ඉටුකරන අතරම විවිධ මට්ටමේ රැකියාවන්හිද නිරත වෙමින් ද්විත්ව භූමිකාවන්හි සාර්ථක ලෙස නියැළී සිටින කාන්තාවෝ අද බහුල වෙති. එමගින් මුලින්ම තම පවුලේ අනාගත දියුණුව සඳහා ද ඒ සමගම පොදුවේ රටේ සංවර්ධනය උදෙසාද ඔවුන් අතින් ඉටුවන මෙහෙවර අනභිභවනීය බව පැවසීමට දෙවරක් සිතිය යුතු නැත.

මේ සියල්ල යථාර්ථයක් වී ඇති බවට හොඳම උදාහරණය වන්නේ 1979 වර්ෂයේ සැප්තැම්බර් 01 වැනි දින ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ වීර සෙබළියන්ය. එවක යුද හමුදාපතිව සිටි ජෙනරල් දේශමාන්‍ය ජේ.ඊ.ඩී. පෙරේරාගේ මැදිහත් වීමෙන් සහ මඟපෙන්වීමෙන් පළමු වැනි ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය පිහිටුවන ලදී. එලෙස පිහිටුවූ පළමු වැනි යුද හමුදා කාන්තා බළකායේ අරමුණ වූයේ කාර්යාල රාජකාරි කටයුතුවල යොදවා සිටි සහෝදර සෙබළුන් යුද බිමේ රාජකාරි සහ ක්ෂේත්‍ර රාජකාරි සඳහා මුදා හැරීමය‍. එම බළකායේ පුහුණුවීම් සිදුකිරීම සඳහා බි්‍රතාන්‍ය රාජකීය කාන්තා බළකායේ උපදේශිකාවක් වූ මේජර් ජේඑග් ලෝසන් දිවයිනට පැමිණීමත් බි්‍රතාන්‍ය රාජකීය යුද හමුදාවේ මඟපෙන්වීම් යටතේ නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත ප්‍රථම කාන්තා කැඩෙට් නිලධාරිනියන් කණ්ඩායම බි්‍රතාන්‍යයේදී පුහුණුව ලැබීමත් සමග කාන්තා බළකාය ආරම්භ වීය.

ම්ලේච්ඡ ත්‍රස්තවාදය ව්‍යාප්ත වීමත් සමග ඇති වූ ජාතික අවශ්‍යතාවට උරදෙමින් මාතෘ භූමියේ ස්වෛරීභාවය රකිනු වස් සෙබළුන් සහ උරෙනුර ගැටී ක්ෂේත්‍ර රාජකාරි ඉටුකිරීමේ අභිලාසයෙන් දෙවැනි ස්වේච්ඡා කාන්තා බළකායත් ඉන් අනතුරුව තුන්වැනි, හතරවැනි, පස්වැනි හා හයවැනි ස්වේච්ඡා ඒකක හා හත්වැනි නිත්‍ය කාන්තා ඒකකය ස්ථාපන කිරීමත් සමග ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ මෙහෙවර තව තවත් පුළුල් විය. ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධෝපකරණ බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බළකාය ආදියේත් කාන්තා නිලධාරිනියන් හා සෙබළියන් මේ වන විට සේවය කරන අතර, ඔවුන් ඉටුකරන සේවය සුළුපටු නොවේ.

නමුත් අද අපේ අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටින මූලික ක්‍ෂේත්‍ර ඉංජිනේරු හා මානුෂ්‍යවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ පුහුණුව ලත් ප්‍රථම කාන්තා නිලධාරිනියන් හා සෙබළියන් පිළිබඳවය. ‘කාන්තාවට සමතැන ලබාදීමේ’ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීමේ අරමුණින් යුතුව යුද හමුදාපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති (යාපනය) හා ඉංජිනේරු බළකා කර්නල් සේනා විධායක මේජර් ජෙනරල් චන්දන විජයසුන්දරගේ මඟපෙන්වීම යටතේ ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන විසින් කාන්තා සෙබළියන් සඳහා ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදෙස් සාමසාධක රාජකාරී සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් මූලික ක්‍ෂේත්‍ර ඉංජිනේරු හා මානුෂ්‍යවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ පුහුණුව ලබාදීමට කටයුතු කරන ලදී. 2021 වර්ෂයේ දෙසැම්බර් මස ආරම්භ කෙරුණු මෙම පාඨමාලාව වවුනියාව බූඔය පිහිටි ඉංජිනේරු බළසේනා මූලස්ථානයේත්, කන්කසන්තුරය පිහිටි 10 වැනි කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේදීත් පවත්වන ලදී. ඉංජිනේරු බළකායට පමණක් ආවේණික මෙම පාඨමාලාව කාන්තා නිලධාරිනියන් තිදෙනකු හා සෙබළියන් 51 දෙනකු ප්‍රථම වරට සාර්ථකව හදාරන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ දෙවැනි ලුතිතන් ඩී.එම්.ඩී. විතානගේ සිය පාඨමාලාවේ ලද අත්දැකීම් පිළිබඳ අපට විස්තර කළේ මෙසේය.

‘මේ බිම් බෝම්බ ඉවත් කිරීමේ භාරදූර මෙහෙයුම මේ වන තෙක් සිදුකරන්නේ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ සෙබළුන් විසින් විතරයි. නමුත් ලෝකයේ අනෙක් රටවල් ගත්තාම මෙම රාජකාරී සඳහා කාන්තාවන් යොදවලා තියෙනවා. ඒ අනුව යමින් ශ්‍රී ලංකාවත් නිලධාරිනියන් තිදෙනකුගෙන් සහ සෙබළියන් පනස්එක් දෙනකුගෙන් සමන්විත ප්‍රථම කාන්තා කණ්ඩායම පුහුණු කරලා සූදානම් කරලා තියෙනවා. දැනට අපි පාඨමාලාව සාර්ථකව අවසන් කරලා පුහුණුවීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ රාජකාරිය අපිට අලුත් අත්දැකීමක් උණත් ඉදිරියේදී අපිට මුහුණ දෙන්න වෙන සියලු අභියෝගවලට ඉතාමත් සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විදියට හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව ඉන්නවා. ඉංජිනේරු බළකායේ සහෝදර සෙබළුන්ට වගේම කාන්තා බළකායේ සෙබළියන් වන අපටත් නුදුරේදී ශ්‍රී ලංකා මාතෘභූමිය බිම්වෙඩි සහ පුපුරා නොගිය වෙඩි ද්‍රව්‍යවලින් නිදහස් රටක් බවට පත්කර ගැනීමටත් සිවිල් ජනතාවට කිසිම බයක් නැතිව නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමටත් දායකත්වය ලබාදීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් හිතේ ලොකු සතුටක් තියෙනවා….’ යැයි ඇය අප සමග කීවාය.

‘කාන්තාව යනු අවදානම් සහිත තැනැත්තියක්’ය යන ආකල්පය අවම කිරීමට උපකාරී වන අයුරින් ආකල්පමය වෙනසක් ඇති වීම වැදගත්ය. එසේම ගැහැනිය ආත්ම පරිපූර්ණත්වයට පත්වීම යනු සමස්‌ත සමාජයේ අභිවෘද්ධියෙහි පදනම සවිමත් වීමකි. එබැවින් කාන්තාව කෙරෙහි ගෞරවනීය හා සුබවාදී ආකල්ප වර්ධනය කිරීම ඇය බලගැන්වීමේ ප්‍රධාන ක්‍රියාමාර්ගයක්‌ මෙන්ම ඇයගේ ජීවිතය සුරක්‌ෂිත කිරීමක්‌ද වනු ඇත.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ශ්‍රීලනිපයත් හෙට පාරට බහී!

Next Post

කන්න නෑ! යන්න විදිහක් නෑ! ගෙවල්වල ප්‍රශ්න! කොළඹ ‌ඉස්කෝලවල පොඩි පන්තිවල ළමයි 50%ක් පාසල් යන්නෙ නෑ! ප්‍රජා වෛද්‍ය විශේෂඥවරිය කරන බිහිසුණු හෙළිදරව්ව මෙන්න!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.