කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් කීපයක කරන ලද පරික්ෂා කිරීමකදී ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් 50%ක පමණ පිරිසක් දිනපතා පාසල් නොයෙන බව තහවුරු විනැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් කටයුතු අංශයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය සඳහන් කළාය.
මෙසේ දරුවන් පාසල් නොඒමට හේතුව කුමක්ද යන්න පිළිබඳ කරන ලද සොයාබැලීමේදී හෙළි වූයේ කුසට ආහාරයක් නොමැති වීම, දෙමාපියන් රැකියාවලට යාම, ප්‍රවාහන ගාස්තු සොයාගැනීමට නොහැකි වීම වැනි හේතු බව හඳුනාගෙන ඇතැයි ඇය පැවසුවාය.
අධ්‍යාපන අමාත්‍යංශය මගින් දිවයිනේ සියලු පාසල් සම්බන්ධයෙන් මෙම පරික්ෂා කිරීම සිදුකරමින් පවතින බවද විශේෂඥවරිය සඳහන් කළාය.
කෙසේ නමුත් ප්‍රාථමික අංශයේ දරුවන් පාසල් නොයෑම අනාගතයේදී රටක් ලෙස අපට විශාල ගැටලු ගණනාවක් ඇති කරන තත්ත්වයක් වනු ඇති බවද ඇය පෙන්වා දුන්නාය.
lankasara










