• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිඹුලාගල දරුවන්ට කෑම ප්‍රශ්නයක් නැහැල්ලු! කන්න නැති නිසා ළමයි පාසල් යන්නෙ නෑ කියන කතාව බොරුලු! ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි! (PHOTOS)

October 31, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
දිඹුලාගල දරුවන්ට කෑම ප්‍රශ්නයක් නැහැල්ලු! කන්න නැති නිසා ළමයි පාසල් යන්නෙ නෑ කියන කතාව බොරුලු! ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

මෙරට ප්‍රධාන ජාතික පුවත්පත් හතරක් 2022 ඔක්තෝබර් 31 වන සඳුදා දින මනම්පිටිය නිමල් ජයරත්න මාධ්‍යවේදියාගේ නමින් ප්‍රධාන සිරස්තලයක් ද සහිතව “දිඹුලාගල ගම් 08ක දරුවන්ගේ පාසල් ගමන නැවතී ඇති බවත්, ආහාර අහේනියක් නිසා ආයෙත් කැලෑ අල හාරනවා, කැලෑ කොළ කනවා” යනුවෙන් වාර්තා කර ඇත.

මේ පිළිබඳ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතාගෙන් සහ දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිදු කළ ලිඛිත විමසීමකදී ඔවුන් විසින් දන්වා ඇත්තේ එම පුවත සාවද්‍ය බවයි.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් ආදිවාසීන් පදිංචි ප්‍රධාන ගම්මානය වන දළුකාන වසමට ගොස් මේ පිළිබඳ සොයා බලා ඇති අතර, එහිදී ආදිවාසී නායිකා කේ. ලිසිනෝනා මහත්මිය සමඟ ද සාකච්ඡා කර ඇත.

එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික අපහසුතා පවතින පවුල් ඇති නමුත් ආහාර හිඟකමක් හේතුවෙන් සම්පූර්ණයෙන් පාසල් ගමන අතරහැර දමා සිටින ළමූන් ගම්මානයේ නොමැති බවයි.
මේ පිළිබඳ ප්‍රදේශවාසීන් කිහිපදෙනකු වෙතින් විමසා බැලීමට ද ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් කටයුතු කර ඇති අතර, ඔවුන් ද ප්‍රකාශ කර ඇත්තේ එම පුවත්පත්වල සඳහන් ප්‍රවෘත්තිය කිසිසේත්ම සත්‍ය නොවන බවයි.

තම දරුවන් කැලෑ කොළ කන තරම් ආහාර අහේනියක නොමැති බවත් ආර්ථික අපහසුතා සහ දෙමාපියන්ගේ හේතු මත හෝ වැඩිහිටියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි හේතු නිසා ඇතැම් ළමුන් කඩින් කඩ පාසල් යන බවත් එය ගම්මානයේ අතිශය සාමාන්‍ය සිද්ධියක් බවත් ඔවුන් පවසා තිබේ.

මේ පිළිබඳ දළුකාන මලියදේව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සමඟත් ඒ මොහොතේ එම පාසලට පැමිණ සිටි දෙමාපියන් සමඟත් ප්‍රාදේශීය ලේකම් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සාකච්ඡා කර ඇත.

එම දෙමාපියන්ද ප්‍රකාශ කර ඇත්තේ, එම පුවත පිළිගත නොහැකි අසත්‍ය පුවතක් බවත් සෑම දිනකම පාසලේ දරුවන් සඳහා උදෑසන සහ දිවා ආහාර වේල් දෙකක් ලබාදෙන බවත් ආහාර පමණක් නොව දරුවන්ට අවශ්‍ය ඇඳුම්, පොත්පත්, පෑන් පැන්සල්, පොත් බෑග් ඇතුළු අධ්‍යාපනයට අවශ්‍ය බොහෝ දෑ විදුහල්පතිතුමියගේ මැදිහත්වීමෙන් එම පාසලේ ළමුන් වෙත ලබාදෙන බවයි.
එමෙන්ම පුවත්පත් සඳහන් කරන ආකාරයට අඛණ්ඩව පාසල් නොපැමිණෙන ළමුන් එම පාසලේ කිසිවකුත් නොමැති බව ද විදුහල්පතිතුමිය දන්වා ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කළ ප්‍රාදේශීය ලේකම් සඳහන් කර සිටින්නේ තමන් අද උදෑසන පාසලට ගිය අවස්ථාවේ ළමුන්ට පිළිගැන්වීමට වර්ග පහකින් සමන්විත පෝෂ්‍යදායි දිවා ආහාරවේලක් සූදානම් කර තිබූ අයුරු දුටූ බවයි.

විදුහල්පතිතුමිය විසින් ප්‍රකාශ කර සිටියේ ඒ සඳහා පිටස්තර දානපතීන්ගේ උදව් ලැබෙන බවත්, ආහාරවලට අමතරව දරුවන්ගේ සියලු අවශ්‍යතා වෙනුවෙන් රජයට අමතරව දානපතියන් තම පාසලට උදව් කරන බවයි.

මෙම සිද්ධිය පදනම් කරගෙන ඇති ආදිවාසී නායිකා කේ. ලිසිනෝනා මහත්මියගේ මිණිබිරිය මෙම පාසල වෙත පැමිණෙන අතර එම දරුවාට ද සියලුදේ ලබාදෙන බව එම දරුවා විසින්ම ප්‍රකාශ කර ඇත.

මේ පුවත පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ විදුහල්පතිතුමිය ප්‍රකාශ කර සිටින්නේ මේ පුවත කියවීමෙන් තමා පුදුමයට හා කණගාටුවට පත් වූ බවත් පුවත්පතේ සඳහන් ආකාරයට ළමුන් තම පාසලේ නොමැති බවත්ය.

අනතුරුව නිලධාරි කණ්ඩායම සොරිවිල දෙමළ කනිෂ්ඨ විද්‍යාලය හා සිංහල කනිෂ්ඨ විද්‍යාලය වෙත ද ගොස් මේ සම්බන්ධයෙන් සොයා බැලූ අතර, එම විදුහල් දෙකෙහිම ද ළමුන් සඳහා උදෑසන හා දහවල් ආහාර වේල් පිරිනමන බවත් ආහාර හිඟකම නිසා අඛණ්ඩව පාසල් නොපැමිණෙන ළමූන් තම පාසල්වල නොමැති බවත් සඳහන් කර තිබේ.

ආර්ථික අපහසුතා තිබෙන ළමුන් සාමාන්‍ය පරිදි සිටින බවත් විශේෂයෙන්ම දෙමාපියන්ගේ වුවමනාවක් නොමැතිකමින් ළමුන් කිහිපදෙනක් කඩින් කඩ පාසලට පැමිණීමේ තත්ත්වයක් පවතින නමුත් එම දෙමාපියන් දැනුවත් කර එය මඟහරවා ගැනීමට පියවර ගනිමින් සිටින බව එම විදුහල්පතිවරු පෙන්වා දෙති.

කෙසේ වෙතත් පුවත්පත්වල සඳහන් ආකාරයට ආහාර අහේනියක් මත දරුවන් පාසල් නොපැමිණීමේ කිසිදු තත්ත්වයක් නොමැති බව ද වැඩිදුරටත් ඔවුහු අවධාරණය කර සිටිති.

ජනාධිපති මාධ්‍ය ඒකකය

SendShareShare
Previous Post

පැය 2 ගානේ දවස් 4ක් ලයිට් කපනවා!

Next Post

ඩෙංගු හැදුණු සිරිධම්ම හාමුදුරුවෝ බෙහෙත් නොදී හිරගෙදර තියාගත්තද?

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.