ඉනිම ආරම්භයේදී ග්ලෙන් පිලිප්ස් විසින් ලබා දුන් පහසු උඩපන්දුව පැතුම් නිශ්ශංක විසින් අතහැරීමේ වාසිය උපරිමයෙන්ම උකහාගත් ග්ලෙන් පිලිප්ස් ලබා ගත් අගනා ශතකය හේතුවෙන් නවසීලන්ත පිල පන්දු වාර 20 අවසානයේදී ලකුණු 167ක් ලබා ගැනීමට සමත් විය.
තරගය ආරම්භයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉහළ දස්කම් දැක්වූවද දුර්වල පන්දු රැකීම හේතුවෙන් නවසීලන්තයට මේ වනවිට තරගයේ වාසි සහගත තත්ත්වයක් උදාවී තිබේ.









