නව ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍ය බවත්, ව්‍යවස්ථාවේ පවතින විකෘතිය වර්තමානයේදී පෙනෙන්නට ඇති බවත් ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඒ මහතා කියා සිටියේ ව්‍යවස්ථාව නිර්මාණය කළ ජේ.ආර්. ජයවර්ධන මහතා පවා තමන්ගේ බෑණා මහමැතිවරණයෙන් පරාජයට පත්ව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ රටේ ජනාධිපතිවරයා වනු ඇතැයි නොසිතන්නට ඇති බවකි.










