ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද පැවැති තරගයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 159ක් රැස්කර ගැනීමට සමත්විය.
තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කාණ්ඩායමට ලබාදී තිබුණි.
එහිදී පාකිස්තාන ඉනිම වෙනුවෙන් ෂාන් මසූඩ් නොදැවී ලකුණු 52ක් රැස්කළ අතර ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 51ක් රැස් කළේය.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හර්දික් පාණ්ඩ්‍යා සහ අර්ෂ්දීප් සිං කඩුලු 3 බැගින් දවාගත්හ.
ඒ අනුව තරගයෙන් ජයගැනීම සඳහා ඉන්දීය කණ්ඩායම ලකුණු 160ක් ලබාගත යුතුය.









