අරගලයේ විරුවන් සැමරුමේදී ඊයේ(09) පස්වරුවේ පොලිසිය භාරයට ගත් 16 හැවිරිදි සිසුවා මුදාහැර තිබේ.
සෙසු පිරිස මේ වනවිටත් කොටුව පොලිස් ස්ථානයෙහි රඳවා තබාගෙන සිටී.
ජන අරගල විරු සැමරුම ඊයේ පස්වරුවේ පැවැත්වුණේ, කොළඹ ගාලු මුවදොරදී ය.
අරගලයේ සාමාජිකයින් පිරිසක් විසින් සංවිධාන කර තිබූ එම සැමරුම ආරම්භයේදීම පොලිසියෙන් බාධා මතු විය.
එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර පසුව අදාළ පුද්ගලයින් පොලිස් භාරයට ගැණින.










