මහාපරිමාණ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සමග මේ වනවිට ගිනි අවි වෙළෙදාමද ඒකාබද්ධ වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අනාවරණය කොටගෙන තිබේ.
විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මිලදී ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාණයට අනුව ගිනි අවි වැනි අමතර ආයුධ ලබාදීමට ඔවුන් කටයුතු කර ඇති බව විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය හරහා මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගෙන යන බව කියන පුද්ගලයින්ට අවි ආයුධ ලබා දීම මෙන්ම ඔවුන්ව වෙළඳාමට පොළඹවා ගැනීමේ මාර්ගයක් ද මේ හරහා ලැබෙන බව ඔවුහු පැවසූහ.
මෙය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආයුධ වෙත ඇද ගැනීමේ මාධ්‍යයක් බව ඔවුන් විශ්වාස කරන බවත්, ඔවුන් අතර තවත් ගැටුම් ඇති කිරීමට තවත් කණ්ඩායම්වවලට වැඩි වැඩියෙන් ආයුධ මිලදී ගැනීම සඳහා විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය මිලදී ගන්නා බවත් එම නිලධාරියා පැවසීය.
පසුගිය මාස කිහිපය තුළ විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීම්වලින් නව පිස්තෝල 48ක් සොයා ගෙන ඇත. T56 අවි සහ පිස්තෝල ඇතුළු ආයුධ 5ක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ලබා දෙන බවට අත්අඩංගුවට ගත් අය පාපොච්චාරණය කර ඇත.










