අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයේ පසුවන පාතාල නායක මධූෂ්ව බැලීම සදහා ඔහුගේ ඩුබායිහි සිටි බිරිය වශයෙන් සැලකෙන තැනැත්තියක් ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
ඊයේ රාත්‍රී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව ඇය මුදා හැර ඇති බව වාර්තා වේ.
මෙම තැනැත්තිය තවත් පාතාල නායකයකු වූ ‘කළු තුෂාර’ නැමැත්තාගේ බිරිය වන අතර 2012 වසරේ සිදුවූ වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලේදී හෙතෙම ජීවිතක්ෂයට පත්ව තිබිණ.
පසුව මාකදුරේ මධුෂ් ඇයව ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගත් අතර ඔහුගේ බිරිය ලෙස කල් ගත කර ඇති බව පැවසේ.
මධූෂ්ට දාව මෙම තැනැත්තියට දරුවකුද සිටින අතර මධූෂ් අත්අඩංගුවට පත්වූයේ එම දරුවාගේ පළමු උපන්දිනය වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සුපිරි හෝටලයක පැවති සාදයකදීය.










