තමන්ගේ නමත්, ආණ්ඩුවට තදින් පහර දෙන දයාසිරි ජයසේකර, හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කොට තිලිණි ප්‍රියමාලිට මුදල් දුන් බව කියන ව්‍යාජ නම් ලයිස්තුවක් සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන බව මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒ මහතා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තිමේන්තුවට ඒ පිළිබදව පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සදහන් කළේ සත්‍ය නම් ලයිස්තුව සමාජයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළ යුතු බවකි.










