ජාත්‍යන්තර සබඳතා මගින් රට ඉහළට ඔසවා තබන බව කියමින් බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවම වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතාවන් හෝ විසඳීමට නොහැකි වී ඇති බව සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (04) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ තෙල් සංස්ථාවේ සිදුවන මහා පරිමාණ වංචාවන් නැවැත්වීමට ජනාධිපතිවරයා වහාම පියවර ගතයුතු බවයි.
තෙල්වලින් ඩීල් දාන ‘මනි’ නැමැත්තකු පිළිබදවද මෙහිදී මරික්කාර් මන්ත්‍රීවරයා හෙළිදරව්වක් කළා.










