හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දුරකතන සංවාදවලට නීතිමය අවසරයකින් තොරව සවන් දී ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අදාළ දුරකතන සමාගමේ නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැදවීමට තීරණය කොට ඇත.
චම්පික රණවක මහතා විසින් කතානායකවරයාට කර තිබූ පැමිණිල්ලකට අනුව ලබන 18 වැනිදා වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට දැනුම් දීමක් කොට තිබේ.
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීමේ සහ පවිත්‍රතා කටයුතු අමාත්‍යංශය තුළ සිදුව ඇතැයි කියන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී රණවක මහතාගේ දුරකතන සංවාදවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සවන් දී ඇති බවට චෝදනා එල්ල වී තිබිණ.










