පසුගිය අයවැයෙන් ගෙන ආ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද (01) සිට ක්‍රියාත්මකයි.
වාර්ෂිකව රුපියල් මිලියන 120කට වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලින් මෙම බදු අය කරගැනීම සිදු කෙරෙනවා.
නව බද්දෙන් රජය උපායා ගැනීමට අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 140ක්.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ, ආර්ථික අර්බුදය හමුවේ රජය විසින් රැකවරණය සැපයිය යුතු සමාජ කණ්ඩායම් රැකබලා ගැනීම වෙනුවෙන් අරමුදල් ලබාගැනීම මෙම බදු මගින් අපේක්ෂා කරන බවයි.
මේ හරහා යම් භාණ්ඩ ප්‍රමාණයක මිල ඉහළ යාමක් සිදුවිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.










