• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිවු වසරක් සරසවියේ අකුරු කළේ මහවැලියේ ඉන්නද පුතේ?

September 25, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
සිවු වසරක් සරසවියේ අකුරු කළේ මහවැලියේ ඉන්නද පුතේ?
Share on WhatsAppShare on Facebook

අපේ රටේ තරුණ දූදරුවන්ගේ මානසික ආතතිය දැඩි ලෙස ඉහළ යමින් පවතින බව දිනෙන් දින අහන්නට දකින්නට ලැබෙන සිද්ධින්වලින් පැහැදිලි වනවා. මානසික ආතතිය කියන්නේ ස්වභාවයෙන්ම මනසේ ඇතිවන තත්ත්වයක්. මෙය මානසික පීඩනයකින් හෝ චිත්තාවේගයකින් කටයුතු කරන විට වර්ධනය වන්නක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඔබ අධික ආතතියකින් කටයුතු කරයි නම් එය ගැටලුවක් බවට පත්විය හැකියි. මානසික ආතතියේ ලක්ෂණ ලෙස නොරුස්නා ස්වභාවය, මානසික තත්ත්වය පහත වැටීම, ආත්ම අභිමානය පහත වැටීම, ඍණාත්මක සිතුවිලි නිතර ඇතිවීම, සිත එකඟ කරගැනීමට අපහසු වීම, දහඩිය දැමීම ආදිය හඳුන්වන්නට පුළුවන්. මේ රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මෙම තත්ත්වය නිසා විවිධාකාර ප්‍රශ්න ඇති කරගැනීම මෙන්ම ජීවිතය හානි කරගැනීමට වත්මන් තරුණ ප්‍රජාව අතර සුලබව දැකගන්නට ලැබෙනවා. අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතාද මේ සඳහා බෙහෙවින් බලපානු ලබනවා.

මානසික ආතතිය එහෙමත් නැත්නම් විශාදය නමැති රෝගී තත්ත්වයට මුහුණ පෑ තරුණයකු පසුගිය 31 වැනිදා මහවැලි ගඟට පැන ජීවිතය නැතිකර ගත්තා. ඔහු පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පිඨයේ අධ්‍යාපනය ලබමින් සිටි අයෙක්. එසේම පසුගිය 16 වැනිදාද එම සරසවියේම මනෝවිද්‍යා විශේෂවේදී උපාධිය හදාරමින් සිටි සිසුවෙක්ද මහවැලි ගඟට පැන ජීවිතය හැර ගියේ මානසික ආතතිය දරාගැනීමට නොහැකිවයි.

මානසික ආතතියට වැඩි වශයෙන් ගොදුරු වන්නේ අධ්‍යාපනය ලබන දරුවන් බව මේ සිදුවීම් දෙස බැලීමේදී අපට පැහැදිලි වනවා. දරුවන්ගේ මානසික ආතතිය මුල් අවධියේදීම හඳුනාගෙන ඊට ප්‍රතිකාර කළහොත් එය සම්පූර්ණයෙන්ම සුවකළ හැකි තත්ත්වයක්. එසේ හඳුනාගැනීමට නොහැකි වුවහොත් තත්ත්වය දරුණු අතට හැරී ජීවිතය පවා හානි වන්නටද හැකියි. කලක් තිස්සේ පවතින මානසික ආතතිය නොසලකා හැරීම තුළින් කාංසාව, මානසික අවපීඩනයට ගොදුරු වීමට හැකියාව ඇති අතර, මේ තත්ත්වය වර්ධනය වීම තුළින් සියදිවි නසාගැනීමට පවා දරුවන් යොමුවන බව අප දැන සිටිය යුතුයි.

යක්කල පිටුවල්ගොඩ පදිංචිව සිටි තරුණයෙක් ආගිය අතක් නොමැති බව කියමින් පසුගිය 16 වැනිදා ඔහුගේ මවුපියන් ඔහු සොයන්නට වුණා. එලෙස අතුරුදන්ව තිබුණේ 24 හැවිරිදි තරිඳු අංජන කුලතුංග නමැති සිසුවකු වූ අතර, ඔහු දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවායි. ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත්ව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණු ඔහු උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පිඨයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයට ඇතුළත්ව තිබුණා.

මනෝවිද්‍යාව සම්බන්ධ විශේෂ උපාධිය හදාරමින් සිවුවැනි වසරේ අධ්‍යාපනය ලැබූ අංජන නවාතැන් ගෙන සිටියේ පේරාදෙණිය පැණිදෙණිය ගල්වැව ප්‍රදේශයේ නිවෙසකයි. අංජන පුරුද්දක් වශයෙන් දිනපතාම රාත්‍රියේ තම මවට දුරකතන ඇමතුමක් ලබාදී තොරතුරු කියන්නට පුරුදුව සිටියා. නමුත් පසුගිය 16 වැනදා අංජන සිය මවට ඇමතුමක් ගෙන තිබුණේ නැහැ. එයින් මව දැඩි ලෙස කලබලයට පත්ව තිබුණේ තම පුතා කුමක් හෝ ගැටලුවකට මුහුණ දෙන්නට ඇතැයි යන සැකය ඇතිවීමෙන්. අංජනගේ මව එම සිදුවීම මෙලෙස විස්තර කළා.

‘කෝල් කළා, කෝල් කළා. නමුත් ෆෝන් එක වැඩ කළේ නැහැ. එයා වැඩ වෙලාවට ෆෝන් එක ඕෆ් කරනවා. මම හිතුවේ පුතා වැඩ ඇති කියලා. රෑ දහය, දහය හමාර වෙනකොට කෝල් කරනවා හැමදාම මාත් එක්ක කතා කරනවා. එකම එක දවසයි මාත් එක්ක කතා කළේ නැත්තේ. ඒ, නැති හින්දා තමයි අපි හෙව්වේ. මට වෙන මොකවත් එපා. මගේ දරුවා විතරයි මට ඕනේ. මට එයා හොයලා දෙන්නකෝ….’

ඉන්පසු අංජනගේ මව තම පුතු නැවතී සිටි බෝඩිමේ හිමිකරුගෙන් සිය පුත්‍රයා පිළිබඳ විමසීමක් කර තිබුණා. එහිදී ඔහු පවසා තිබුණේ අංජන රැඳී සිටි කාමරයේ ඉබියතුරු දමා ඇති බවත්, අංජන විශ්වවිද්‍යාලයට යාමට ඒමට භාවිත කළ පාපැදිය එළියේ තබා ඇති බවයි. පසුව බෝඩිමේ හිමිකරු දොරගුළු කඩා කාමරය පරීක්ෂා කරන විට අංජනගේ ජංගම දුරකතනය, මුදල් පසුම්බිය, ලැප්ටොප් පරිගණකය සහ උපැස් යුවලද, ඔහු පැලඳ සිටි රන් මාලයද හමුවී තිබුණා. එසේම ඔහු විසින් ලියූ ලිපියක්ද කාමරයේ තිබි හමුවී තිබුණා. එම තොරතුරු දැනගැනීමෙන් පසුව අංජනගේ පවුලේ සියලු දෙනා පේරාදෙණිය බලා පිටත්ව ගියේ අංජන පිළිබඳ තොරතුරක් සොයාගැනීමේ අදහසින්.

අංජනගේ මව තවදුරටත් මෙලෙස සඳහන් කළා.

‘ඒ ලියුමේ එයා ලියලා තියෙනවා එයාගේ ඔළුවට හරි කරදරයි නිදහසක් නැහැ කියලා. කැම්පස් එකෙත් හරියට ප්‍රශ්න තියෙනවා එයාට හරි මහන්සියි කියලත් කියලා තියෙනවා. මට කෝල් කරපු වෙලාවෙත් කිව්වා අම්මේ මට හරි මහන්සියි කියලා….’

පසුව ඔවුන් 18 වැනිදා පේරාදෙණිය පොලිසියට ගොස් පැමිණිල්ලක් කළා. අංජන ලියා තිබූ ලිපියේ සඳහන්ව තිබුණේ තමන් මහවැලි ගඟට පැන දිවි නසාගන්නා බවයි. එහිදී මේ ලිපිය පොලිස් භාරයට ගැනුණු අතර, අංජනව සොයා විශේෂ පොලිස් මෙහෙයුමක්ද ආරම්භ කළා. සමාජ මාධ්‍ය හරහාද අංජන පිළිබඳ සඳහන් කරමින් විශාල ප්‍රචාරයක් දියත්ව තිබුණා. පේරාදෙණිය සරසවි සිසුන් සහ අංජනගේ අසල්වැසියන් එක්ව ප්‍රදේශය පුරා මෙහෙයුම් දියත් කර තිබුණා.

අංජන සිය අවසන් ලිපිය ලියන්නට පටන්ගෙන තිබුණේද 16 වැනිදා අලුයම් කාලයේදීයි. ලියුම අවසන් කර තිබුණේ සවස හතට පමණයි. අංජනගේ මවුපියන් ඔහුගේ මිතුරන්ගෙන් විමසීමක් කළද ඔවුන් අංජන පිළිබඳ කිසිවක් නොදන්නා බව සඳහන් කර තිබුණා.

අංජන ලියා තැබූ අවසන් ලිපියේ මෙවැනි දෙයක් සටහන් කර තිබෙනවා.

‘දැන් වෙලාව රෑ 8යි. තව පැය බාගයක් ඇතුළත කවුරුහරි මුණගැහිලා බාධාවක් වුණේ නැත්නම් මම මහවැලියේ ඉඳී…. මට සමාවෙන්න…’

අංජනගේ මිත්තණිය සිය ආදරණීය මුණුබුරා පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්.

‘ඒ ලියුමේ ලියලා තිබුණේ එයාට වුණු ප්‍රශ්නත් එක්ක එයා කලකිරිලයි හිටියේ කියලා. එයාට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එයා ඕනෙම දෙයක් අම්මාට කියනවා. අම්මාට හොරෙන් කිසි දෙයක් කරන්නේ නැහැ. කැම්පස් එකෙත් වැඩ වැඩියි කියලා තිබුණලු. සති තුනක් තුළ තමයි ඔක්කොම වෙලා තියෙන්නේ. ගම්පහ ඉස්පිරිතාලෙට සතියකට වරක් එනවා ඉගෙන ගන්න. සති දෙක්ම දරුවා ආවේ නැහැ….’

අංජනගේ අසල්වැසියන් මෙලෙස අදහස් දක්වා සිටියා.

‘අංජන කියන්නේ හරිම හොඳ, කාටවත් කරදරයක් නැති ළමයෙක්. නිහඬයි, සමාජශීලී දරුවෙක්. එයා ඔහොම දෙයක් කරයි කියලා හිතන්නවත් බැහැ. මනෝ වෛද්‍යවරයෙක් කියන්නේ අපි එයා ළඟට යන්න ඕනේ මිසක්, එයා මේවගේ දෙයක් කරගනියි කියලා අපි කොහොමද හිතන්නේ. එයාට ලස්සනට නටන්නත් පුළුවන්. ප්‍රේම සම්බන්ධයක් ගැන නම් අපට දැනගන්න ලැබිලා නැහැ…’

එසේම කථිකාචාර්යවරයකු වීමට අංජන මහත් ආශාවෙන් සිටි බව ඔහුගේ සමීපතමයකු ප්‍රකාශ කර තිබුණා.

මේ සියල්ල මෙසේ වෙද්දී පේරාදෙණිය පොලිසිය කළ මෙහෙයුමෙන් දින පහකට පසුව (පසුගිය 21 වැනිදා) අංජනගේ සිරුර සොයාගැනීමට හැකි වුණා. ඒ,් මහවැලි ගඟේ ගැටඹේ දෙවැනි රාජසිංහ මාවත ආරම්භ වන ස්ථානයට මඳක් නුදුරින් මහවැලි ගඟ මැද පාවෙමින් තිබියදීයි.

අංජන මෙලෙස මානසික ආතතිය උග්‍ර අතට පත්ව සියදිවි නසාගත්තද මනෝ උපදේශනය පිළිබඳ යූටියුබ් නාලිකාවක්ද ඔහු විසින් පවත්වාගෙන ගොස් තිබෙනවා. එමගින් ඔහු සුවපත් කරන්න වෙහෙසුණේ අනෙක් අයගේ හදවත්. නමුත් අවසානයේ ඔහුටත් ඔහුවම නැතිවුණා.

මනෝ උපදේශකයකු වන හසින්ත හේවාවසම් අංජනගේ හදිසි අභාවය පිළිබඳ මෙලෙස පවසා තිබුණා.

‘ප්‍රශ්න කියන්නේ විහිළුවක් නෙවෙයි. අංජන කියන්නේ Psychology (මනෝ විද්‍යාව) උපාධිය හදාරමින් මිනිස්සුන්ගේ ආතතිය වෙනුවෙන් මනෝ උපදේශනය (Counseling) කළ කෙනෙක්. එහෙම කළ කෙනකුටත් ආතතිය ඇතිවුණේ ඇයි කියලා හිතාගන්න බෑ. ඇත්තෙන්ම මිනිස්සුන්ගේ ඍණාත්මක (Negativity) පැත්ත දරාගන්න බැරි වුණාම උපදේශනය දෙන කෙනාගේ මනස මරාදමනවා. මේ රස්සාව ලෝකේ ආදරණීය වගේම භයානක රැකියාවක්. ඔයා කොච්චර ලොකු මනුස්සයෙක් වුණත් ලෝකයේ හොඳම Mentor Counselor වුණත් ඔයාගේ පාලනය ඔයාට ඕනෙම වෙලාවක නැතිවෙන්න පුළුවන්. ඔයාට මැරෙන්න හිතෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාට ඉගෙනගත් දේ අමතක වෙන්න පුළුවන්. ආතතිය පාලනය කරගන්න බැරිවෙනවා. ආතතිය (Stress) එක කියන්නේ ඒ වගේ බලවත් දෙයක්. හිරවෙලා නම් මැරෙන්න හිතෙනවා නම් වහාම counselor කෙනෙක්ට කතාකරන්න. රෝහලට ගිහින් ඔයාට මැරෙන්න ඕනේ කියලා කියන්න. අපි දන්නවා ඔයාව ජීවත් කරවන්න උත්තර හොයලා දෙන්න…’

අද තරුණ පරම්පරාව දෙස බලන විට දකින්නට ලැබෙන්නේ ඔවුන් පුදුමාකාර මානසික අතතියකින් පසුවන බවයි. කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා මේ තත්ත්වයට ගොදුරු වී සිටින බව නොරහසක්. එයිනුත් තරුණ පරම්පරාව මෙම තත්ත්වයට ගොදුරු වීමේ වැඩි අවදානමක් දැකගන්න ලැබෙනවා. තරුණයෙක් පසුගියදා ජීවිතයෙන් සමුගෙන ගොස් තිබුණේ තමන්ගේ මවුපියන් රණ්ඩු වෙනවා යැයි පවසමින්. පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පිඨයේ සිසුවෙක් පසුගිය අගෝස්තු 31 වැනිදා සමුගත්තේද මානසික ආතතිය හේතුවෙනුයි. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා පේරාදෙණිය සරසවියට ඇතුළත්ව සිටි අයෙක්. නුවන් ලක්ෂිත දේවසුරේන්ද්‍ර නමැති (24) ඔහු පදිංචිව සිටියේ ඇහැලියගොඩ බුළුගහපිටිය ප්‍රදේශයේ. පේරාදෙණිය පාලමෙන් පසුගිය අගෝස්තු 26 වැනිදා මහවැලි ගඟට පැන ඔහු දිවි නසාගෙන තිබුණේද මානසික ආතතිය දරාගැනීමට නොහැකි වීමෙන් බව පසුව සිදුකළ විමර්ශනවලදී පොලිසිය අනාවරණ කරගෙන තිබුණා.

මේ දරුවන් ගැන ඔවුන්ගේ මවුපියන් වැඩි අවධානයකින් කටයුතු කළා නම් එම දරුවන් අදටත් ජීවතුන් අතරය. මේ කනගාටුදායක සිදුවීම් දෙස බලන විට අපට හැඟීයන්නේ මානසික ආතතියට වැඩිපුරම ගොදුරු වන්නේ තරුණ පිරිස බවයි. තමාට ළඟාවීමට හැකි ඉලක්ක පමණක් ජීවිතයට තෝරාගන්නවා නම් මෙවැනි මානසික වියවුල් ඇති නොවන්නට තිබුණා. ජීවිතය කියන්නේ අධ්‍යාපනය පමණක්ම නොවෙයි. පොළොවේ පය ගහලා, ජීවිතේ දුක සැප කියන දෙකම සම සිතින් දරාගන්න හැම කෙනෙක්ම හුරු වෙන්න ඕනේ. අන්තගාමී බවෙන් මිදිලා, ජීවිතය සතු වටිනා අංශයන් හඳුනාගන්න කටයුතු කළ යුතුයි. ඔබේ ආදරණීයයන් සමග නිතර කතාකරන්න, දුක බෙදාගන්න. මිතුරන් සමග කාලය ගතකරමින් සතුටෙන් ජීවිතය ගෙවන්න. නිතරම ධනාත්මක සිතුවිලි ඇති කරගන්න. මානසික ආතතිය යනු 100%ක් ඖෂධ මගින් සුව කිරීමට නොහැකි තත්ත්වයක්. ඊට හොඳම ඖෂධය නම් ආදරය සහ කරුණාවයි. ඔබේ ආදරණීය හිතවතකු, ඥාතියකු මානසික ආතති තත්ත්වයෙන් පෙළේ නම් ඒ සඳහා උපදේශනය (Counseling) හෝ කෝපය පාලනය කිරීමේ ක්‍රමවේදවලට යොමුකරවීම ඉතාමත් වටිනා දෙයක්.



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

නෙළුම් කුළුණට නැගලා බිම බලනකොට පේන දේ සජිත් බණ්ඩාරගම සිට රටටම කියයි! (VIDEO)

Next Post

පොලිසිය අත්අඩංගුවට ගත්ත තරුණයොයි පොලිසියේ ලොක්කෙකුයි අතර මරදාන පොලිසිය ඇතුළේ උණුසුම් වචන හුවමාරුවක්! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.