ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
බදාදා දිනයේදී මානව හිමිකම් කවුන්සිලයේ ලේකම් කාර්යාලයට විධිමත් ලෙස භාර දුන් යෝජනාවට එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ජර්මනිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව අනුග්‍රහය දක්වා ඇත.
“ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන නව කෙටුම්පත් මාතෘකා මගින් මානව හිමිකම් සම්බන්ධ ගැටලු විසඳීමට රජයට කාලය ලබාදීමට පියවර ගෙන ඇත.










