විශ්‍රාමික වයස කිහිප වතාවක් තුළ එහෙට මෙහෙට කිරීම හේතුකොටගෙන වෛද්‍ය ක්ෂේත්‍රය තුළ බලවත් කැළඹීමක් සිදුවී ඇති බවත්, අදාළ තීන්දු හේතුවෙන් එක් දිනක් තුළ විශේෂඥ වෛද්‍යවරුන් 300ක් විශ්‍රාම යෑමට නියමිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයකු බවට පත්වීම උදෙසා දීර්ඝකාලීන කැපකිරීමක් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා මේ අන්දමින් එවැනි වෛද්‍යවරුන් විශ්‍රාම යෑම බරපතළ ඛේදවාචකයක් බව ද පැවසීය. ක්ෂණික ව එවැනි වෛද්‍යවරුන් විශ්‍රාම යෑම හේතුවෙන් පිළිකා ඇතුළු රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන් පවා බලවත් අසීරුතාවයකට පත්වන බව ද විපක්ෂ නායකතුමා සිහිපත් කළේය. විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ය.










