ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 අගෝස්තු මාසය සඳහා අද දින නිකුත් කරනු ලබයි.
ඒ අනුව, 2022 අගෝස්තු මාසය සඳහා ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 70.2%කි. (2022 ජූලි මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 66.7% ක් ලෙස වාර්තා විය).
ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2022 අගෝස්තු මාසයේදී 84.6 % කි. (2022 ජූලි මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 82.5% විය.
ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2022 ජූලි මාසයේදී 57.1 % දක්වා ඉහල ගොස් ඇති අතර 2022 ජූනි මාසයේදී එය 52.4 % ලෙස වාර්තා විය.










