ආර්ථික අපරාධ පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා වූ යෝජනාවක් අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් කථානායකවරයාට භාරදෙනු ලැබීය.
ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් අස්සන් කර තිබිණ.
















