ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණය, සෞඛ්‍ය සඳහා වන පිරිවැය අවම කිරීම සහ ආදායම් ස්ථාවරත්වය අරමුණු කරගත් මත්ද්‍රව්‍ය, දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කාලෝචිත වන බව අවධාරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේදී දුම්වැටි හා මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්න රැසක් ඉදිරිපත් කරනු ලැබීය.
මෙරට මද්‍යසාර භාවිතය සෑම ආකාරයකින් ම අවම වීම සිදු කළ හැකි ආකාරයේ නිර්දේශ ඉදිරිපත් කරමින් ඒවා ක්‍රියාවට නැංවීම කඩිනමින් සිදු කළ යුතු බව අවධාරණය කළ විපක්ෂ නායකතුමා , සියලුම මද්‍යසාරවල බදු නිසි නියාමනයකින් යුතුව ඉහළ දැමීම සිදු කළ යුතු බව ද අවධාරණය කළේය.
විපක්ෂ නායකතුමතුමා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී 27/2 හරහා ප්‍රශ්න නගමිනි.










