අද දින සිට සියලු පළාත් පාලන ආයතන විසුරුවා මැතිවරණ පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසම වෙත පැවරේ.
ඒ අනුව පළාත් පාලන මැතිවරණ වහාම පැවැත්වීම සදහා කටයුතු කරන ලෙස ඉල්ලීමක් කිරීම සදහා සමගි ජන බලවේගය අදදින මැතිවරණ කොමිසම වෙත පැමිණ ලිපියක් ලබා දීම සිදු විය.
එම අවස්ථාවට සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, එස්.එම්. මරික්කාර්, නලින් බණ්ඩාර යන මහත්වරු එක්ව සිටියහ.













