සීදුව ප්‍රදේශයේ විහාරස්ථානයක තිබී අභිරහස් ලෙස මියගිය හිමිනමකගේ දේහයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
මෙලෙස අපවත් වී තිබෙන්නේ සීදුව වෑත්තෑව රද්දොළුව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන නැඩගමුවේ මහානාම හිමියන් ය.
50 හැවිරිදි මෙම විහාරාධිපති හිමියන්ගේ දේහය මුහුණ සහ කට බැඳ දමා ආවාසගෙයි ඇදක් මත තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර සොයාගන්නා විට දේහයෙන් දුගද හමමින් තිබුණු බව පොලිසිය කියයි.
පොලීසිය සැකපළ කරන්නේ මෙය ගෙළ සිරකර සිදුකන ලද ඝාතනයක් බවයි.
ප්‍රදේශවාසීන් පැවසුවේ අදාළ විහාරස්ථානයේ තවත් හිමිනමක් වැඩ වාසය කර ඇති අතර, එම හිමියන් මේ වන විට අතුරුදන්ව ඇති බවත්ය.
මේ සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.










