ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ආසියානු කුසලාන ක්‍රිකට් ජයග්‍රහණයට හේතුව නාමල් රාජපක්ෂ බව කීම විහිළුවක් බව සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා, මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අභියෝගාත්මක ලෙස ලැබූ ජයග්‍රහණයේ ගෞරවය හිමිවන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට නොව, එම ක්‍රිකට් ක්‍රීඩකයන්ටම බවයි.










