‘යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය වෙනුවෙන් ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් යුරෝපා පාර්ලිමේන්තුව වෙත අද (09) දින ඉල්ලීමක් ඉදිරිපත්කර තියෙනවා.
එහිදී යුරෝපා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී කර්ස්ටන් ලූක් සහ සමාජවාදී සහ ප්රජාතන්ත්රවාදී සහයෝගී පෙරමුණේ උප සභාපතිනි ගේබ්රියේල බිෂොෆ් පාලක Social Democratic Party – SPD බර්ලින් හි පක්ෂ මූලස්ථානයේ දී හමුව තිබුණා.
එහිදී විරෝධතාකරුවන් දේශපාලන වුවමනාවන් මත අත් අඩංගුවට ගැනීම, විරුද්ධ දේශපාලන මත දරන්නන් ත්‍රස්ත විරෝධී පනත අවභාවිත කරමින් අනීතිකව අත් අඩංගුවට ගැනීම, දූෂිත දේශපාලකයන් විසින් ලංකාව බංකොලොත් කළ ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම කළ බවයි කියන්නේ.
යුරෝපීය පාර්ලිමේන්තුව හරහා ශ්‍රී ලංකාවේ මැතිවරණයක් කැඳවීමට ඉල්ලා සිටින යෝජනාවක් ඉදිරිපත් කිරීම ද සිදු කර තිබෙනවා. මේ සඳහා ‘යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය වෙනුවෙන් මොහමඩ් රිස්මි, ආචාර්ය සිසිර විතානාච්චි, නීතිඥ අචල කුමාරසිරි සහ ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු යන අය සහභාගී වූ බව වාර්තා වෙනවා.










