කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබේ.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්විට මි.මී 150ට වැඩි වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.










