පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා චෝදනා කර ඇත.
මහනුවර පැවති ජනතා විමුක්ති පෙරමුණේ කොට්ඨාස නියෝජිතයින්ගේ හමුවකදී අදහස් දක්වමින් මේ බව කී ලාල්කාන්ත මහතා මෙම අත්අඩංගුවට ගැනීමට ජවිපෙ එකග නොවන බවද කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා ‘මහ රෑ ගෙදරකට ඇවිල්ලා චම්පිකව අරන් යන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. යමක් කරන විදිහක් තියෙනවා. ඒ විදිහට පිටින් මේක සිද්ධ වුණේ. ඒකට අපි එකඟවෙන්නේ නෑ. එතුමාට පහුවදාට පොලීසියට එන්න කිව්වා නම් එතුමා එනවා. මේක දේශපාලන වුවමනාවක් පදනම් කරගෙන කරලා කියලා පේනවා. අනිවාර්යයෙන්ම මේක දේශපාලන පළිගැනීමක් හා දේශපාලන බලපෑමක්’ යැයිද සදහන් කර සිටියේය.










