විදේශ ආයෝජකයින්, ණය දෙන ආයතන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල සමඟ සෘජු ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම රජයේ අමාත්‍යවරුන්ට සහ පළාත් සභා ඇතුළු රාජ්‍ය ආයතනවලට තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත.
වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති කාර්යාලය විසින් මෙම තහනම පනවනු ලැබ ඇති බව දැනගන්නට තිබේ.
එවැනි ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම්වලට එළඹීමේදී ‘නියමිත ක්‍රියාදාමය” අනුගමනය කරන ලෙස අදාළ සියලු දෙනාට නියම කර ඇති අතර විදේශ සබඳතා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, නීතිපති සහ මහ බැංකුවේ අවසරය මීට ඇතුළත් කිරීමටද පියවර ගෙන ඇත.










