• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දොලුකන්දේ මේ තියෙන්නේ හනුමන්තාගේ රහස් ඔසු උයනද?

August 29, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
දොලුකන්දේ මේ තියෙන්නේ හනුමන්තාගේ රහස් ඔසු උයනද?
Share on WhatsAppShare on Facebook

ලංකාවේ දකින්නට ලැබෙන සුන්දර ස්ථාන බොහොමයක හරි අපූරු සැඟවුණු කතා රාශියක් පවතිනවා. ඒ ඇසුරෙ පවතින ජනප්‍රවාදවලින් අතීත තොරතුරු බොහොමයක් අනාවරණ කරගන්නට හැකියාව පවතිනවා. අදටත් වැඩි වශයෙන් කතාබහට ලක්වන විවාදයට ලක්වන කාරණයක් තමයි රාම රාවණා යුද්ධය. ඉතින් ලංකාවේ ස්ථාන බොහොමයක් රාවණා රජුගේ ඉතිහාසය සමග බැඳී තියෙනවා. ලිඛිත සාධක නැතිවුණත් ඒවා අදටත් ලාංකේය ඉතිහාසය ගැන කතාකරද්දී නිරන්තර අවධානයට ලක්වෙනවා. ‘දොළුකන්ද’ කියන්නෙත් එදා රාම රාවණ යුද්ධයේදී හනුමන්තා හිමාලයෙන් ගෙන ආ ඖෂධ කන්දෙන් කොටසක් වැටුණු බවට විශ්වාස කරන ප්‍රදේශයක්. මේ කාරණා හැරුණාම දොළුකන්දේ රාස්සගල සැඟවුණු ඉතිහාස කතා ගැන මේ ලිපියෙන් විමසීමට ලක් කරන්නයි අප සූදානම් වන්නේ.

පටුන ගම් සොඳයි දොළුකන්ද දෑලේ
පලවැල තිබෙයි එම කන්දේ හිමාලේ
ගල් වැඩ සොඳයි රජ දුටුගැමුණු තාලේ
මුහුදු පෙනෙයි දොළුකන්දට වයිතාලේ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල මැතිවරණ කොට්ඨාසයේ පිහිටි ‘දොළුකන්ද’ අද වෙද්දී සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත්ව තිබෙනවා. කුරුණෑගල සිට ඉබ්බාගමුවට ගිහින් දොළුකන්දට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිරිපිටිය හරහා දොළුකන්දට ළඟා වෙන්නත් පුළුවන්.

මේ කන්ද ‘දොළුව’ කියන ගමේ පිහිටා තිබෙන නිසා දොළුකන්ද ලෙස හඳුන්වන බව පැවැසෙනවා. මුහුදු මට්ටමේ සිට අඩි 700ක් පමණ උසකින් තමයි මේ කන්ද පිහිටා තියෙන්නේ. කිලෝමීටර් පහමාරක් පමණ දිගින් යුත්, අඩි 2,000ක් පමණ උසකින් යුත් දොළුකන්ද තරණය කිරීම සැබැවින්ම ඉතා සුන්දර ගමනක්. නමුත් ගමන ටිකක් දුෂ්කරයි. උතුරු දකුණු දිශාගතව පැතිරෙන කඳුවැටියේ දකුණු කෙළවර ඍජු බෑවුමක් සහිත පර්වත කූටයකින් සමන්විත වෙනවා. එහි ඇති මේ අද්භූත ස්වභාවය නිසාම අතීතයේ පටන් ගම්මුන් ඒ කොටස ‘රාස්සගල’ ලෙසයි හඳුන්වන්නේ. කොහොම වුණත් මේ කන්ද නගින්නට දැනුම් තේරුම් ඇති වැඩිහිටියකුගේ උදව් ලබාගැනීම වඩාත් යෝග්‍යයි කියලා තමයි ඒ අත්දැකීම ලබාගත් අය නම් පවසන්නේ.

දකුණින් නැලව, හකිරිල්ල, දොළුව, වෑවලගම යන ගම්වලින්ද, බටහිරින් හීපහුව, අරන්කැලේ යන ගම්වලින්ද, උතුරින් කුඹුක්ගැටේ, හිරිපිටිය මාර්ගයෙන්ද, නැගෙනහිරින් මගලෙගොඩ, විලිබැම්ම, හුණුපොල, මොරගොල්ල සහ බාරුබේ යන ගම් දොළුකන්ද මායිම් වෙනවා.

මේ දොළුකන්ද සමග ජනප්‍රවාද කිහිපයක්ම බැඳී පවතිනවා. පෙර සඳහන් කළා වගේම රාම රාවණ යුද්ධයේදී තුවාල ලැබූ ලක්ෂ්මනට ප්‍රතිකාර කරන්න අවශ්‍ය වුණු පැළෑටිය ගෙන එන්නට හනුමන්තාව හිමාලයට යවනවා. එක් ස්ත්‍රියක් වෙනුවෙන් නිකරුණේ මේ කරන සටන ගැන සිතමින් ගිය හනුමන්තාට ඕනෙ කරන පැළෑටියේ නම අමතක වුණාලු. ඒ නිසා පැලෑටි සහිත කඳු කොටසක්ම ඔසවාගෙන ආ බවත්, ඒවා රැගෙන එන අතරමගදී කන්දේ කොටසක් කඩාවැටීමෙන් දොළුකන්ද ඇතිවුණා කියලත් කියනවා. කොහොම නමුත් එදා හනුමා ගෙන ආ ඖෂධ රූමස්සල, රිටිගල ආදී ලංකාවේ විවිධ ස්ථානවලට පතිත වුණු බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. එයින් එක් ස්ථානයක් විදියට දොළුකන්දත් නම්දරා තිබෙනවා.

කොහොම නමුත් මේ කන්ද අතීතයේදී ඖෂධ වනයක්ව පැවැති නිසාම වෙදකමට ප්‍රසිද්ධව සිටි බුද්ධදාස රජතුමත් මේ ඔසු උයනට දෝලාවකින් පැමිණි බවත් පැවැසෙනවා. ඒ වගේම සඳරාජ, කුරාහැඩයා, මහපත්මයා, මහහැඩයා, ඉරරාජ, මහ සුදනා, කුඩා සුදනා, ජටාමකුට, මහනාම්බා, කළු කොහිල, කළුවෙල්ලන්ගිරිය, මයුරපාද, කොට කිඹුලා, සුදුහඳුන්, රත්හඳුන්, ගරුඬ රාජා සහ කළුවැල් වගේ බොහෝ දුර්ලභ ගණයේ ඔසු පැළෑටි වර්ග දහස් ගණනක් දොළුකන්ද ආශ්‍රිත වනයේ තිබෙන බවත් ගම්මුන් විශ්වාස කරනවා. ඒ වගේම අතීතයේ සිටම මේ වනයෙන් බොහෝ වෙදැදුරන් බෙහෙත් පැළෑටි සොයන්නට ආ ගිය බවත් ඔවුන් පවසනවා.

නමුත් ජාවාරම්කරුවන් වගේම මේ උයන නරඹන්නට එන ආයුර්වේද වෛද්‍යවරුන් සහ සිසුන් පවා මෙහි ඇති වටිනා ඖෂධ වගේම දුර්ලභ පැළෑටි පවා ගලවාගෙන යන බව ගම්මුන් පවසනවා. නමුත් දොළුකන්ද මුදුනේ ඇති දේශගුණය වෙනත් ප්‍රදේශවල නොමැති නිසා ඒ පැළ විනාශ වන බවත් ඔවුන් පවසනවා. ඔවුන් ඒ පැළෑටි වැඩි මිලට අලෙවි කිරීම නිසාත් දිනෙන් දිනම මේ දුර්ලභ ඔසු පැළ විනාශ වී යන බවයි ගම්වාසීන් සඳහන් කරන්නේ.

ඒ වගේම මහාවංශයේ සඳහන් වන ‘දොළ පබ්බත’ මේ දොළුකන්ද බවටත් ඇතැමුන් විශ්වාස කරනවා. ඒ වගේම මහසෙන් සහ ජෙට්ඨතිස්ස යන රජවරුන්ට මේ කන්ද ආරක්ෂාව සැපයූ බව කියැවෙනවා. ඒ අනුව මීට වසර ගණනාවකට ඉහතදී දොළුකන්දේ බළකොටුවක් හෝ මාලිගාවක් ඉදිකර තිබෙන්නට ඇති බව සිතන්නට හැකියි.

මේ සම්බන්ධයෙන් හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ඒ.එම්. හොකාට් වාර්තා කර ඇති කාරණය ඉතා වැදගත්. ඒ සටහනට අනුව එදා සීගිරිය, යාපහුව වගේම බළකොටුවක් මෙහි පවතින්නට ඇති නමුත් එහි විස්තර සොයන්නට ඔවුන්ට කාලයක් නොතිබූ බවයි එහි සඳහන් වන්නේ. ඕවර් සියර් කියන විදියට එකල මේ කන්දේ පිහිටි බළකොටුවක කොටු පවුරක්ද පැවැත ඇති බව පවසා තිබෙනවා. මෙහි බළකොටුවක් තිබුණු බවට විශ්වාස කළ හැකි නෂ්ටාවශේෂ අදටත් දකින්නට තිබීම ඒ අදහස සත්‍යයක් බව තහවුරු කරනවා. අදටත් ගල වටේට තැනින් තැන දකින්නට ඇති එකල බැඳි පවුරක සලකුණු එවැනි නටබුන් අතර වෙනවා. ඒ වගේම එහි වැසිකිළි කැසිකිළි සහිත මාලිගා හෝ සිද්ධස්ථාන තිබුණු බවටත් විශ්වාස කරනු ලබනවා.

ඒ හැරුණාම මේ කන්දේ නටබුන් විශාල ප්‍රමාණයක් දකින්නට හැකියාව පවතින අතර එහි මාලිගාතැන්න ප්‍රදේශයේ ඇති පැරණි දාගැබක නටබුන් ඒ අතරින් විශේෂ වෙනවා. ඒ ස්ථානය වෙහෙරගල විදියටයි හඳුන්වනු ලබන්නේ. නමුත් අවාසනාවට ඒ සියල්ලම නිදන් සොරුන්ගේ ග්‍රහණයට නතුවෙලා. බොහෝ පුරාවස්තු ඒ හේතුව නිසාවෙන් විනාශ වෙන්නට ඇති. ඒ නිසා අද ඒ ස්ථානයේ දකින්නට ලැබෙන්නේ පස් ගොඩක් සහ කැලයක් පමණයි. කොහොම වුණත් එහි ඇති ගල් ගුහාවක මිනිසුන් හා භික්ෂුන්වහන්සේලා වාසය කළ බවට සාක්ෂි පවතින අතර මේ දාගැබ අසලින් ජලය ගලායාමට ගලින්ම සකස් කළ ඇළක් ද දකින්නට හැකියි. ඒ ප්‍රදේශය නිරීක්ෂණයේදී නිදන් ලබාගත් බවට සහ නිදන් සොරුන් නිදන් සෙවූ බවට තහවුරු කෙරෙන වළවල් රැසක් දකින්නට හැකියි. එසේම මේ දොළුකන්ද මුදුනේ ස්වභාවිකව නිර්මාණය වුණු පොකුණු කිහිපයක්ද දකින්නට හැකියි. වැටකේ පොකුණ, දුනුකේ පොකුණ, කළුදිය පොකුණ විදියටයි ඒවා නම්කර තියෙන්නේ.

කෙසේ නමුත් දොළුකන්ද කියන්නේ රාම රාවණ කාලයේ සිට පණ්ඩුකාභය, වළගම්බා, බුද්ධදාස වගේ රජවරුන් දක්වාම දිවයන ඉතිහාසයක් සහිත හරිම අපූරු සුන්දරත්වයක් විඳින්නට පුළුවන් ස්ථානයක් බව නොකියාම බැහැ.

අන්තර්ජාලය ඇසුරිනි

SendShareShare
Previous Post

ලෑස්තිවෙන්න කෑම යුද්ධය අත ළඟයි…!

Next Post

පොලු අරගෙන බිල්ලො පනින ඉදල්ගස්හින්න කුඩාරම් නවාතැන…

MORE NEWS

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

හම්බෙගමුව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ මාලය සහ ජංගම දුරකතනය පැහැරගත් හැටි. සැකකරුන් සොයා හම්බෙගමුව පොලිසීය විමර්ශන අරඹයි. Sri Lanka Latest...

Read more
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.