• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තාප්පවල පාප්ප ගාන වස්ති

December 20, 2019
in Heart
Reading Time: 2 mins read
A A
තාප්පවල පාප්ප ගාන වස්ති
Share on WhatsAppShare on Facebook

“මා මළ දවසට ගම වටේ තියෙන තාප්ප පුරා… ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා…”
මේ දවස්වල මේ පද ටික ඇහිලා නැති කෙනෙක් හොයා ගන්න එක ටිකක් අමාරු වැඩක්. මොකද මේ දවස්වල එෆ්.එම්. නාළිකාවල විතරක් නෙවෙයි පොදු ප්‍රවාහනයේ යෙදෙන සමහර බස් රථ ඇතුළෙත් මේ ගීතය ප්‍රචාරය වෙනවා. තාප්පවල පෝස්ටර් ඇලවීම පිළිබඳ දැඩි කතාබහක් රට පුරා නිර්මාණය වෙලා තියෙන පසුබිමක මේ ඇහෙන පද ටික මොකක්ද කියලා ඔබටත් හිතිලා ඇති. මේ ගීතය ගායනා කරන්නේ ‘වස්ති’. මේ සින්දුව හරහා රට පුරා ඇති වෙලා තියෙන උනන්දුව හින්දම අපිටත් හිතුණා ‘වස්ති’ එක්ක කතා කරන්න. සමාජ ජාල පරිශීලනය කරන කෙනකුට නම් ‘වස්ති’ කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හැබැයි ‘වස්ති’ ගැන දන්න කෙනෙක් වුණත් තව නොදන්න දේවල් ගොඩකුත් තියෙන්න පුළුවන්. ඒ හැමෝම වෙනුවෙන් ‘වස්ති’ අනුෂ්ක අපිත් එක්ක කතාබහට එකතු වුණේ මෙහෙමයි.
අනුෂ්ක මේ දවස්වල මොනවද තියෙන වැඩ කටයුතු?
මේ දවස්වල ‘වස්ති’ අපේ නත්තල් වීඩියෝව හදන වැඩ කටයුතු කරනවා. ඊට අමතරව මම සංගීත අධ්‍යක්ෂණය කරපු ගජමෑන් චිත්‍රපටයේ අවසන් අදියරට ඇවිත් තියෙන්නේ.
ඒ කියන්නේ ‘වස්ති’ අනුෂ්ක සිනමාවටත් අවතීර්ණ වෙලා?
ඔව්. මේ මම සංගීත අධ්‍යක්ෂණය කරන පළමුවැනි චිත්‍රපටය. ඇත්තටම ගජමෑන් කියන චිත්‍රපටයත් අපේ සිනමාවට සුවිශේෂී එකක්. ඒ තමයි ලංකාවේ පළමුවැනි 3D චිත්‍රපටය. අනිත් එක තමයි මේක පරම්පරා තුනක එකතුවකින් කරන නිර්මාණයක්. මේ චිත්‍රපටයේ තේමා ගීතය ගායනා කරන්නේ මම. ඊට අමතරව සනුක, ඩැඩී ඇතුළු දක්ෂ ගායක ගායිකාවන් රැසක් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා.
අනුෂ්ක ගායකයෙක් කියන එක හැමෝම දන්නවා. හැබැයි YouTube ඉදිරිපත් කරන්නෙක් විදියට තමයි අනුෂ්කව වැඩි දෙනෙක් හඳුනගත්තේ. දැන් අනුෂ්ක චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙක් බවටත් පත් වෙලා. ඇත්තටම අනුෂ්ක උදාන කියන්නේ කවුද? ඔබ කොහොමද ඔබව හඳුන්වා දෙන්න කැමැති?
ඔව්. ශදමඔමඉැර කෙනෙක් විදියට තමයි මාව රටම හඳුනගත්තේ. හැබැයි මගේ වැඩි කැප කිරීමක් තියෙන්නේ සංගීතය පැත්තට. මම ජීවත් වෙන්නේ සංගීතයෙන්. ඒ හින්දා විවිධාංග ශිල්පියෙක් YouTuber විදියට මාව හඳුන්වනව නම් මම කැමැතියි.
එතකොට අනුෂ්ක මේ වෙද්දී ගීත කීයක් ගායනා කරලා තියෙනවද?
මේ වෙද්දී ගීත 8ක් ගායනා කරලා තියෙනවා. ප්‍රසංගවලට ගියාම ඉල්ලුවොත් ඒ අටම කියනවා. නැත්නම් අඩුම ගානේ පහක්වත් කියනවා.
අනුෂ්ක ක්ෂේත්‍රයට එන්නේ සංගීතය පැත්තෙන් කියන එක ගොඩ දෙනෙක් දන්නවා. එහෙම ආව අනුෂ්ක කොහොමද සමාජ මාධ්‍යයට අවතීර්ණ වෙන්නේ?
ඒ කාලේ ටීවී එකක හරි රේඩියෝ එකක හරි සින්දුවක් ප්‍රචාරය කරවා ගන්න එක හරිම අමාරු වැඩක්. මම දුන්නු සින්දු එකක්වත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණේ නැහැ. ඒ හින්දා තමයි අපි සමාජ මාධ්‍ය පැත්තට යොමු වෙන්නේ. ඒ කාලේ සමාජ මාධ්‍ය කියන්නේ මේ තරම් ප්‍රබල දෙයක් නෙවෙයි. බොහොම සුළු පිරිසක් තමයි ඒක භාවිත කළේ. ඒ වගේ පසුබිමක තමයි මායි තඩියයි එකතු වෙලා ‘වස්ති’ හදාගෙන ටිකෙන් ටික ඉස්සරහට ආවේ. අපි ආව කාලේ වගේ නෙවෙයි දැන්. සමාජ මාධ්‍ය කියන්නේ බොහොම ප්‍රබල දෙයක්. ඒ එක්කම ‘වස්ති’ට තියෙන ජනප්‍රියත්වයත් වැඩි වෙලා තියෙනවා.
එතකොට ‘වස්ති’ කියන්නේ කවුද? ඒක කණ්ඩායමක්ද?
නැහැ. නැහැ. ‘වස්ති’ කියන්නේ මායි තඩියයි (දුලාජ් ජයතිලක) විතරයි. අපේ වීඩියෝ සඳහා අපි තව පිරිස් ඒ වෙලාවට යොදා ගන්නවා. හැබැයි ‘වස්ති’ මේ තත්ත්වයට ගේන්න අපි දෙන්නා කෑව කට්ට ඒ කවුරුත් කාලා නැහැ. ඒ හින්දා ඉදිරියටත් ‘වස්ති’ කියන්නේ අපි දෙන්නා විතරයි. ඒත් වීඩියෝවලට අපිට අවශ්‍ය විදියට ඉදිරියේදීත් තව අය එකතු වේවි.
හොඳයි. ‘වස්ති’ ගැන කතා කෙරුව හින්දා අපි සුදු අම්මියා ගීතය ගැනත් කතා කරමු. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර නම් ඉතාම හොඳයි. මේ දවස්වල කොහේ ගියත් මුලින්ම ඉල්ලන්නේ ‘සුදු අම්මියා’ තමයි.
‘වස්ති’ ගැන දන්න අය ‘සුදු අම්මියා’ ගීතය ගැන දන්නවා වුණාට, ඒ ගැන නොදන්න අය විවිධ දේවල් කියන්න පුළුවන්.
කොහොමද ඒ වගේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර?
අපිට තියෙන ප්‍රශ්නෙත් ඕකම තමයි. මොකද අපි මේ ගීතය කළේ මොකටද කියන එක ‘වස්ති’ එක්ක ඉන්න ලක්ෂ 8කට වැඩි රසික පිරිස දන්නවා. ‘වස්ති’ කියන්නේ මොකක්ද කියන එක ඒ අය තේරුම් අරන් තියෙන්නේ. ඒත් මේ වෙද්දී ‘සුදු අම්මියා’ ගීතය ලක්ෂ 40ක් විතර බලලා තියෙනවා. ඉතින් මේක මොකක්ද කියන එක ඒ හැමෝම දන්නේ නැති වෙන්න පුළුවන්. ඇත්තම කිව්වොත් අපිට වැඩිපුරම එන්නේ නරක ප්‍රතිචාර තමයි. එක අතකින් ඒක ලංකාවේ විදිය. ලංකාවේ මොන දේ කළත් බැණුම් අහන්නේ නැතුව කරන්න බැහැනේ. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි එහෙමයි කියලා අපි නම් කරන දේ වෙනස් කරන්නේ නැහැ. ‘වස්ති’ට ආදරය කරන ලක්ෂ 8කට වැඩි පිරිසක් ඉන්නවා. මං හිතන්නේ අපිට ඒ පිරිස හොඳටම ඇති. අපිව තේරුම් ගන්න පුළුවන් තව අය අපිට එකතු වේවි. ඒ අයත් එක්ක අපිට මේ ගමන යන්න පුළුවන්. ඒ හින්දා අනිත් අය කියන දේවල් අපිට නම් අදාළ නැහැ.
හොඳයි අනුෂ්ක අවසාන වශයෙන් රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ?
රසිකයන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. පටන් ගත්ත තැනින් අද වෙන තැනකට ඇවිත් තියෙනවා නම් ඒ රසිකයෝ හින්දා. බස් එකේ ගිය මනුස්සයා අද වාහනයක යන්නේ රසිකයෝ හින්දා. හැබැයි එහෙමයි කියලා අපි පොඞ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. අද ඉන්නෙත් එදා හිටිය තඩියයි මායිම තමයි. දැන් අපි වයසයි. වැඩ වැඩියි. ප්‍රශ්න වැඩියි. ඒ හින්දා ඉස්සර වගේ නිතරම වීඩියෝ කරන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඒත් වෙලාව තියෙන උපරිමයෙන් අපි රසිකයෝ වෙනුවෙන් පුළුවන් හැමදේම කරනවා.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ස්විස් රජය වැඩේට අතදමයි: විශේෂ නියෝජිතයකු ලංකාවට එවයි

Next Post

වාසනාව වැළලූ භූගත මන්දිරය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.