නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ජීවන්ත පීරිස් පියතුමා ඇපමත මුදාහරින මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සැකකාර පියතුමා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා.
එතුමාගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා හෙට දින පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කර සිටියා.
පැමිණිල්ල නැවත ලබන 26 වැනිදා කැඳවීමට ද නියම වුණා.