චීනයට අයත් ‘යුආන් වැන්ග් 5’ සන්නිවේදන නෞකාවට ලබන 16 වැනිදා හම්බන්තොට වරායට ඇතුලු වීම සදහා ආණ්ඩුව පාර්ශ්වයෙන් අවසර ලබා දී ඇති බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වනවිට අදාළ නෞකාව හම්බන්තොට වරායට නාවික සැතපුම් 600ක් දුරින් පවතින බව වාර්තා වේ.
චීනය දැනුම් දී තිබුණේ අදාළ නැව කිසිදු වරායක නොනවත්වා දින 29ක් පුරා දැනට යාත්‍රා කරමින් පවතින බවත්, ඒ හේතුවෙන් ඉන්ධන සහ එහි සිටින නාවික කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආහාර ලබා ගැනීම සදහා හම්බන්තොට වරායට පැමිණීමට අවශ්‍ය බවකි.
මෙම නැව ඊයේ (11) දිනයේදී හම්බන්තොට වරායට ඇතුලුවීම සදහා රජයේ අවසරය තිබුණද ඉන්දියාව සහ අමෙරිකාව විසින් දැක්වූ විරෝධය හේතුවෙන් එම ගමන ප්‍රමාද කරන ලෙස ආණ්ඩුව චීනයෙන් ඉල්ලීමක් කොට තිබිණ.
ඒ අනුව ලබන 16 වැනිදා මෙම නෞකාවට හම්බන්තොට වරායට ඇතුලුවීමට අවසර ලබා දී ඇති බව නිලනොවන ආරංචි මාර්ග සදහන් කරයි.