චීනය සහ එක්සත් ජනපදය අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් අවුලුවාලීමේ අවදානමක් මතු කරමින් අමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක නැන්සි පෙලෝසි තායිවානයට පැමිණ තිබේ.
ස්වාධීන රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිනොගන්නා තායිවානයට එක්සත් ජනපදය විසින් ලබාදෙන විශාල පිළිගැනීමක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ය.
BBC වාර්තා කරන පරිදි, තායිවානයට පැමිණි එක්සත් ජනපදයේ ඉහළම ඩිමොක්රටික් පාක්ෂිකයා වන නැන්සි පෙලෝසි එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විසින් පිළිගෙන ඇත.
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන ගමන වසර 25 කට පසු එරටට පැමිණි ඉහළම එක්සත් ජනපද දේශපාලන නායකත්වය ලෙස සැලකේ.
මෙම සංචාරය තායිවානයේ ප්රජාතන්ත්රවාදයට සහාය දැක්වීම සඳහා එක්සත් ජනපදයේ නොසැලෙන කැපවීමට ගරු කරන බවත්, “කිසිම ආකාරයකින් දිගුකාලීන එක්සත් ජනපද ප්‍රතිපත්තියට පටහැනි නොවන” බවත් පෙලෝසි පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
කතානායක නැන්සි පෙලෝසි තායිවානයට පැමිණීයේ එක්සත් ජනපද මිලිටරි ගුවන් යානයකිනි.
චීනය හිමිකම් කියන තායිවානයයේ වසර 25කට පසු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරිය කරන මේ සංචාරය වොෂින්ටනය සහ බීජිං අතර සබඳතා අර්බුධයට තල්ලු කිරීමේ අවදානමක් මතුකර ඇතැයි ජත්‍යන්තර විචාරකයින් සඳහන් කරයි.










