සර්ව පාක්ෂික ආණ්ඩුවක් මුවාවෙන් සෑදීමට යන සර්ව පූට්ටු ආණ්ඩුවක ඇමැතිකම් ගැනීමට සමගි ජන බලවේගය සූදානම් නැති බව එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එසේ ඇමැතිකම් ලබා දී ඇමැති කාර්ය මණ්ඩල නඩත්තු කිරීමට තරම් ආර්ථික ශක්තියක් රටට නොමැති බවකි.
එමනිසා සර්ව පාක්ෂික වැඩපිළිවෙළකට සජබය එකග වන බව සදහන් කළ ඒ මහතා විපක්ෂයේ සිට ඊට සහාය පළකරන බවත්, විපක්ෂයේ කාර්යභාරය පක්ෂය දිගටම ඉටු කරන බවත් ඒ මහතා කියා සිටියේය.










