ආණ්ඩුව අද වනවිට තමන්ගේ මාධ්‍ය යොදාගෙන අරගලය සම්බන්ධයෙන් රටට අසත්‍යය ප්‍රකාශ කොට බිය ගන්වන බව ජාතික ජන බලවේගයේ නීතීඥ කණ්ඩායම පෙන්වා දෙයි.
නීතීඥ සුසන්ත දොඩාවත්ත පෙන්වා දුන්නේ මෙය සියලු ජනවර්ග එකතු වී සිටින ආදරයේ අරගලයක් බවයි.
පොලිසියද එම අරගලය සමග සාමකාමීව කටයුතු කළ බවත්, දේශපාලන මැර කණ්ඩායමක් පැමිණ මැයි 9 එය කඩාකප්පල් කළ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.










