රත්ගම, ගම්මැද්දේගොඩ ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ, රත්ගම , දේවෙනිගොඩ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධියෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වනවිට කරාපිටිය රෝහල් ප්‍රතිකාර ලබයි.
වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව, පොලිසිය ප්‍රකාශ කළේ ය.









