ජපාන තායිසෙයි සමාගමෙන් මිලියන 200ක් ඉල්ලූ බවට හිටපු ඇමැති නිමල් සිරිපාල මහතාට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.
එම්. නිෂාර් මව්ලානා නැමැත්තකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.
කෙසේවෙතත් අද දින ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව ජනපති ලේකම්වරයා වෙත බාර දීමට පියවර ගෙන තිබිණ.