ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ යන මහත්වරුන් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙසද කෝකිලා ගුණවර්ධන සහ නීතිඥ මධුර විතානගේ සහ ජානක තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් සහකාර සංවිධායකවරුන් ලෙසද පත් කරනු ලැබ ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
එම තනතුරුවලට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම මන්ත්‍රිවරුන්ට අගමැති කාර්යාලයේදී ඊයේ (27) බාර දෙනු ලැබීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනාධිපති අතිරේක ලේකම් හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හා සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.














