• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතකද කොටි නැගිටිනවා කියලා දඟලපු කේස් එක! අවුරුද්දකට පස්සේ නගරාධිපති නිදහස්!

July 23, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මතකද කොටි නැගිටිනවා කියලා දඟලපු කේස් එක! අවුරුද්දකට පස්සේ නගරාධිපති නිදහස්!
Share on WhatsAppShare on Facebook

කොටි සංවිධානය නැවත පණ ගැන්වීමට උත්සාහ කළ බවට රජය විසින් එල්ල කරන ලද චෝදනාවලින් යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පියවර ගෙන තිබෙනවා.

නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් චෝදනාවලින් නිදොස් කර නිදහස් කළ යාපනය මහේස්ත‍්‍රාත්වරයා ජුලි 20 වැනි බදාදා වැඩි දුරටත් නියෝග කර ඇත්තේ ඔහුට එම චෝදනාවට ලක්වීමට හේතු කොටගත් නගර සභා සේවකයන්ගේ නිල ඇදුම් ද ආපසු නගර සභාවට භාර දෙන ලෙසයි.

එල්ටීටීඊයේ පොලිස් භටයන්ගේ නිල ඇඳුමට සමාන නිල ඇඳුමක් බව කියමින් පස් දෙනකුගෙන් සමන්විත නාගරික සිවිල් අධීක්ෂණ කණ්ඩායමක් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් නගරාධිපතිට චෝදනා එල්ල කර තිබුණා. එල්ටීටීඊ සංවිධානය නැවත සංවිධානය කිරීමේ චෝදනා යටතේ 2021 වසරේ අප්‍රේල් මාසයේදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින් නගරාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබුණා. පැය කිහිපයක් තිස්සේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරියා.

යාපනය මහ නගර සභා කොමසාරිස්වරයාගේ පැමිණිල්ලක් මත පරීක්ෂණයක් කිරීම සඳහා විශ්වලිංගම් මනිවන්නන් සහ යාපනය මහ නගර සභාවේ සාමාජික වර්ධරාජා පාර්තීපන් 2021 අප්‍රේල් මස 8 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 8 ට යාපනය පොලිසියට කැඳවා තිබුණා. එම පරීක්ෂණය පසුවදා එනම් සිකුරාදා (අප්‍රේල් 9) අලුයම 2 දක්වා ඇදී ගොස් තිබූ වාර්තා වුණා.

එහිදි ඔහුට එරෙහිව එල්ල කර තිබු චෝදනාව වන්නේ “එල්ටීටීඊයේ පොලිස් කොට්ඨාශයේ සාමාජිකයන් සැරසී සිටි නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් යුත් පස් දෙනකුගෙන් යුත් නාගරික සිවිල් අධීක්ෂණ කණ්ඩායමක් සේවයේ යෙදවීම” යි.

නගරාධිපතිවරයා කියන පරිදි, මේ කණ්ඩායමේ කාර්යභාරය වී තිබුණේ යාපනය නගරයේ නඩත්තු කටයුතු සහ වාහන ගමනාගමනය නියාමනය කිරීමයි. යාපනය නගරාධිපති විසින් මේ අයට පත්වීම් ලබා දී තිබුණේ ද තාවකාලික පදනමින්. කුණු කසළ බැහැර කිරීම, දඩ මුදල් එකතු කිරීම, කොරෝනා වෛරස් රෙගුලාසි උල්ලංඝනය කිරීම වැනි දේ අධීක්ෂණය කිරීම යාපනයේ සිවිල් අධීක්ෂණ බලකායේ රාජකාරිය බවයි අත්අඩංගුවට ගැනීමට පෙර පැවති මාධ්‍ය හමුවකදී කියා තිබුණේ.

වරක කාලයකටත් පසුව 2022 වසරේ ජුලි 20 වැනි බදාදා නඩුව කැදවු අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ මෙම නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවයි.

අධිකරණ තීන්දුව “යුක්තියේ ජයග්‍රහණයක්, අපේ අරගලයේ ජයග්‍රහණයක්” ලෙසින් විශ්වලිංගම් මනිවන්නන් නගරාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතාකරන කාටූන් එකේ!

Next Post

රට ඇතුළෙ අවුල විසඳගන්නකම් IMF සල්ලි නෑ!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.