හෙට දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අරුගම්බේ ප්‍රදේශයේ ඔකඳ සිට කතරගම දක්වා පාගමනින් යාමට සූදානමින් සිටින බව වාර්තා වේ.
කතරගම පෙරහර සදහා සහභාගී වීමට සාම්ප්‍රදායික වශයෙන් ජනතාව ඔකඳ සිට කතරගම දක්වා කැලෑව මැදින් ගමන් ආරම්භ කරන්නේ හෙට දිනය.
ගමනේ දුර ප්‍රමාණය කිලෝමීටර 115ක් පමණ වන අතර දින කිහිපයක් ඒ සදහා ගත වන බව පැවසේ.
ඒ අනුව මෙම මන්ත්‍රීවරයාද හෙට දිනයේ මෙම ගමනට එක්වීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
මෙම මන්ත්‍රීවරයා වෙන කවුරුවත් නොව මාතලේ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාය.










